IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෘමීන් ඇල්ලූ විදේශිකයින් දෙදෙනා රිමාන්ඩ්

(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය, හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ කෘමි සතුන් අල්ලාගෙන මෙරටින් රැගෙන යාමට තැත් කිරීම ඇතුළු චෝදනා 80 ක් සඳහා නිවරදිකරුවන් බව පැවසූ විදේශිකයන් දෙදෙනෙකු අප්‍රේල් මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (28) නියෝග කළේය.

හූවෙයි සහ යුවාන් ලින්ෆෙන් යන චීන ජාතිකයන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
ඉකුත් පෙබරවාරි මස 18 දින මෙම චීන ජාතිකයන් දෙදෙනා හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයේ අධි සංවේදි පේරක කලාපය තුළදී මෙරටට ආවේණික කෘමි සතුන් අල්ලාගෙන රසායනික ද්‍රාවණයක බහාලා මෙරටින් රැගෙන යාමට තැත් කොට සිටියදි වනෝද්‍යාන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
 
අත්අඩංගුවට ගත් එම චීන ජාතිකයන් දෙදෙනා අවස්ථා දෙකකදී නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැර තිබිණි.
 
මෙම නඩුව අද (28) දින කැදවු අවස්ථාවේ හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ නිලධාරීන් විසින් චීන ජාතිකයන් දෙදෙනාට එරෙහිව චෝදනාවන් 80 ක් ගොනු කර ඉදිරිපත් කොට තිබු අතර එම චෝදනාවන්ට නිවරදිකරුවන් බව ඔවුන් පවසන ලදි.

අප්‍රේල් මස 09 දින සිට මෙම නඩුව  විභාගයට ගැනීමටත් එතෙක්  චීන ජාතිකයන් දෙදෙනා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා මෙහෙදී නියෝග කළේය.  චීන ජාතිකයන් දෙදෙනා වෙනුවෙන් නීතිඥ සංජීව කෞශල්‍ය ඩයස් මහතා පෙනී සිටියේය.

හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු ප්‍රදීප් කුමාර  හා නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න යන නිලධාරී මහත්වරුන් මෙම නඩුව ගොනු කොට අධිකරණයට කරුණු දක්වමින් පෙනී සිටියහ.

 



අදහස් (0)

කෘමීන් ඇල්ලූ විදේශිකයින් දෙදෙනා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site