IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති

හිරාන් ප්‍රියංකර ජයසිංහ                 

 “ඉතාලියේ  රස්සාවට  ගියාම අවුරුදු පහක් හිටියාම පුරවැසිකම ලැබෙනවා ඒ රටේ ඉන්න සුදුසුයි කියලා. නමුත් අපි අවුරුදු 30 ක් ඉදලත් තාම අපිට මේ ඉඩම්වලට ඔප්පුවක් නැහැ” යැයි කන්දකුලිය ඉච්චන්කාඩුව ඩබ්ලියු නලින්කා ප්‍රනාන්දු මහත්මිය දැඩි වේදනාවකින් කීවාය.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්  කන්දකුලිය සහ ඉච්චන්කාඩුව ගම්මානවල වසර 50, 40,  30, 20 වැනි  කාලවල සිට පදිංචි පවුල් 300 කට ආසන්න පිරිසකට මේ වන විට තමන් පදිංචිව සිටින ඉඩම් වලට ඔප්පු ලබා දී නැතැයි ද ඔවුහු කියති.
ඉඩම්වලට ඔප්පු නොමැති නිසා තමන් දැඩි අසීරුතාවයට පත්වී ඇති බව මෙම ගම්මානවල ධීවර රැකියාවෙන් ජීවිතය ගැට ගසා ගන්නා ජනතාව පවසති. 

තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී අත්‍යවශ්‍ය ලියවිල්ලක් වන පදිංචි ඉඩමේ ඔප්පුව තවමත් නොමැති තමන් දැඩි ලෙස අසරණව සිටින බව ද ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 

 මේ වන විට තමන්ගේ දරු මුනුබුරන්ද වැඩි මහලු වී තුන්වැනි පරම්පරාවක් ද පදිංචිව සිටියද ඉඩමට නීත්‍යානුකුල ඔප්පුවක් නොමැති වීම හේතුවෙන් රජයෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබීමට තිබූ බොහෝ සහන අහිමි වී ඇති බවද ගම්වාසීහු පවසති.

 වසරේ මාස හයක කාලයක් පමණක් ධීවර රස්සාව කරන ඉතිරි මාස හයක කාලයේ අසරණ වන බවද ඔවුහු පවසති. 

කන්දකුලිය  ඉච්චන්කාඩුව සිංද්‍රාන්ත්‍රි මාතා ධීවර සමිතියේ ලේකම් නොයෙල් ප්‍රනාන්දු මහතා මෙසේ කීවේය. 

“ අපි මේ ගම්මානවල පදිංචියට ඇවිත් අවුරුදු 40 කට වැඩියි. නමුත් මේ ඉඩම්වලට තාමත් අයිතියක් නැහැ. මේ නිසා අපේ වැඩ කටයුතු සියල්ලම අතරමග නතර වෙන තරමට  මේ ඉඩම්වලට ඔප්පුවක් නැති එක ප්‍රශ්නයක්. අපි යන්න පුළුවන් හැම තැනකටම ගිහින් මේ පිළිබඳව දැන්වුවා. නමුත් තවමත් කිසිම බලධාරියකු අපිට නිසි පිළිතුරක් ලබා දී නැහැ.” 

 ඉච්චන්කාඩුව  සුමිත් දිමුත් මහතා මෙවැන්නක් පැවසීය.

 “ අපි අහසින් වැටුණ මිනිස්සු ගානට දාලා. ඉඩමක ඔප්පුව හදා ගන්න අවුරුදු 40 ක් විතර ගිහිල්ලාත් තවම අපට බැරි වුණා. නමුත් උතුරේ යුද්ධයෙන් පස්සේ මෙහාට ආව මුස්ලිම් ජනතාවට නම් මෙහෙත්  ඉඩම්. දැන් එහෙත් නැවත ඉඩම් ලැබිලාලු. ඒ සේරටම ඔප්පුත් සකස් කරලා දීලා. ඇයි අවුරුදු 40කට වැඩිය පදිංචි වෙලා ඉන්න අපට ඉඩමට ඔප්පු ලබා දෙන්නේ නැත්තේ. අනික අපේ ඉඩමට දීලා තිබුණ බලපත්‍රයත් අවුරුදු දෙකකට කලින් ග්‍රාම සේවක නෝනා අරගෙන ගියා. ඒකත් නැතිව දැන් අපි තවත් අසරණ වෙලා.”

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ  පැවසීය.

“ මම ළඟදී කල්පිටියේ වැඩ භාර ගත්තේ. නමුත් මේ ගැන සොයා බලද්දි දැන ගන්න ලැබුණා මේ ඉඩම් සඳහා කලින් බලපත්‍ර ලබා දීඇති බව. ඉඩම් ගණනාවක ගැටලු තිබෙනවා. සමහර ඉඩම්වල මුල් පදිංචිකරුවන් නොවෙයි ඉන්නේ. නමුත් මේ ඉඩම් සඳහා අපෙන් විය යුතු කටයුතු අවසන් කරයි තිබෙන්නේ. ඉඩම්වල මැණුම් කටයුතු සඳහා මිනුම් අධිකාරියට යවා තිබෙනවා. ඉදිරියේදී මේ කටයුතු නිසි ලෙස සිදුවේවි.”



අදහස් (0)

කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31925 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14383 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11203 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 11 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 265 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1210 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site