IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාන්තාව මරා දැමූ ඇතා කල්අඩියෙන් අල්ලයි


 
හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි
 

කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු මිනීමරු ඇතා අද (2) පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ දී වනජීවී නිලධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.


අවුරුදු 35 පමණ වයසක් ඇති මෙම ඇතා අඩි නවයකට ආසන්න උසකින් යුත් අතර දළ යුගල අඩි හතරකට ආසන්න දිගකින් යුක්ත බවද වනජීවී නිළධාරින් පවසයි.


මෙම ඇතා පසුගිය 29 වැනි දා රාත්‍රීයේ කොට්ටුකච්චිය කිවුල අක්කර විස්ස ප්‍රදේශයේ කාන්තාවක් මරා දමා තිබුණේ නිවසේ මුළුතැන්ගෙය ආසන්නයේදීමය. 


එයට අමතරව තවත් ස්ථානයකදී පුද්ගලයකුට ඇතා පහර දී ඇති බවද කියයි. 


කෙසේ නමුත් කල් අඩිය සිමෙන්ති ගම්මානය ඇතුළු ගම්මාන 20 කට ආසන්න ප්‍රමාණයක සැරිසරමින් ජන ජීවිතයට තර්ජනයක් වන ලෙස සැරිසරමින් සිටි අතර නිවාස වලට පහර දෙමින් වගාවන් වනසමින් සිටි බව වනජීවී නිලධාරින් පවසයි.  


පුත්තලම අලි පාලන ඒකකයේ නිලධාරින් විසින් මෙම ඇතාව අද (2) කල්අඩිය සිමේන්තිගම ගම්මානයේ සැරිසරමින් සිටියදී නිර්වින්දන එන්නත් විඳ අල්ලා ගෙන ඇති අතර යාල ජාතික වන උද්‍යානයට රැගෙන යාමට සුදානම් ව සිටින බව කියයි. 

ඡායාරූප - ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

කාන්තාව මරා දැමූ ඇතා කල්අඩියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site