IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට


(ඩි.ජී.සුගතපාල)


ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ  අත්පා ගැට ගසා බැඳ දමා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (17) දහවල් අත් අඩංගුවට ගෙන තිබේ.


අත්අංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්ණ කිරිමේදි  ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව කාන්තාවගේ නිවසට ගිය පොලීසියට  ඇයගේ බැමි ලිහා මුදා ගැනීමට හැකි වී තිබේ.


මෙම කාන්තාව තනියම නිවසේ සිටින අතර ප්‍රධාන සැකකරු කළක් ඇයගේ නිවසේ සේවය කර ඇති අයෙකු බවද පොලිසිය පවසයි.


ගාල්ලේ පදිංචි ප්‍රධාන සැකකරු පසුගිය වසරේ මැයි 30වන දින තම අනියම් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කිරිම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදි වෙනත් අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අනෙකුත් සැකකරුවන් දෙදෙනා  හඳුනාගෙන ඇති අතර  පසුව ඔවුන් ඇප ලබා පැමිණ ඇත.


එම සැකකරුවන් දෙදෙනා කොස්ගොඩ සහ ඌරගහ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති


එසේ පැමිණ සිටියදි ගාල්ල පදිංචි ප්‍රධාන සැකකරු මෙම කොල්ලය සැළසුම්කර අනෙක් දෙදෙනා නිවසට යවා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා තිබේ.එසේ කොල්ලකන ලද දේපලත් රැගෙන බස් රථයකින් යයාමට සුදානම්වු අවස්ථාවේ  පොලිස් නිලධාරි කණ්ඩායමක් මොවුන් ගැන සැකසිති ගාල්ල දුම්රිය පොල අසලදි බස් රථය නවතා  පරික්ෂා කර තිබේ.


එහිදි කොල්ලකන ලද රන් භාණ්ඩ සහ මුදල් සොයාගෙන ඇති අතර වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේදි මාගාල්ලේ නිවසක කාන්තාවක් බැඳ දමා කොල්ලය සිදුකරන ලද බව සැකකරුවන් පවසා ඇත.ඒ අනුව ක්‍රියාත්මකවු පොලිසිය වහාම එම නිවසට ගොස් කාන්තාව බේරාගෙන ඇත.



අදහස් (0)

කාන්තාවකගේ අත් පා බැඳ දමා රන් අබරණ කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site