(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොල)
කතරගම පොලිසිය මගින් තමන් නීති විරෝධීව අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් රුපියල් දස ලක්ෂයක වන්දියක් ඉල්ලා කතරගම වන්දනාවක නිරත වූ හංවැල්ල ප්‍රදේශයේ වන්දනාකරුවන් 35 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.
පොලිස්පති , නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන්වේ.
පසුගිය ජනවාරි 18 වන දින පෙත්සම්කරුවෝ වන්දනා බස් රථයකින් හංවැල්ලේ සිට කතරගම බලා පිටත් වුහ.ඔවුහු කතරගමට පැමිණ හෝටලයක නවාතැන් ගත්හ. එම හෝටලය පිටුපසින් මැණක් ගඟ ගලා බසි.
බස් රථයේ සේවකයින් රථය ගං වතුරෙන් සෝදමින් සිටියදී නීතිවිරෝධී ලෙස වැලි ගරමින් සිටි පිරිසක් අතර බහින් බස් වීමක් සිදු වුහ .එම ස්ථානයට පැමිණි ගම් වැසියන් එම ස්ථානයේදී ඔවුන්ට පහර දෙන්නට වුහ .මෙම සිද්ධිය පොලිසියට සැලවීමෙන් පසු කතරගම පොලිසිය එම ස්ථානයට පැමිණ පෙත්සම්කරුවෝ අත්අඩංගුවට ගත්හ . සිද්ධිය පිළිබඳ සත්‍ය තත්ත්ව පැහැදිලි කළත් ඉන් පලක් නොවුණි.
පසුව ඔවුන් උසාවියට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත් කර පසුව ඇප මත මුදා හැරියේය.
එබැවින් මෙම පෙත්සම විභාගවට ගැනීමට නියෝග කරන ලෙසද මේ සිද්ධිය පිළිබඳව නඩු විභාගයක් පවත්වන ලෙසද , රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 17
1
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
852
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කතරගම පොලිසියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්