(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුවේ සිට වේයන්ගොඩ සහ නයිවල ඇතුළු පෙදෙස්වලට මත් කුඩු බෙදාහැරීමෙි නිරතව සිටි සෞඛ්‍ය සේවකයකු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීගමුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ලෙස සේවය කරන 33 හැවිරිදි අවිවාහක අයෙක් බව හෙලිවී ඇතැයි පොලිසිය කියයි .
වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව නයිවල මංසන්ධියෙහි යොදා ඇති විශේෂ මාර්ග බාධකයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 300 ක් ද පොලිස් භාරයට ගනු ලැබීය .
අත්අඩංගුවට ගත් සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා මීගමුව මහ රෝහලේ සේවය කරමින් එම ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගෙන් හෙරොයින් ලබාගෙන සේවය නිම වී පොදු ප්‍රවාහන සේවයේ බස් රථවලින් ඔහු පදිංචි වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණ හෙරොයින් බෙදාහැර ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
ශ‍්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුඩු බෙදූ සෞඛ්‍ය සේවකයා මාට්ටු