IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කඩුගන්නාවේ හරක් මස් වෙළඳසැලේ බලපත්‍රය අහෝසියි

චමිල් රූපසිංහ
 
කඩුගන්නාව නගරය තුළ පිහිටි හරක් මස් වෙළඳසැල මහජනතාවගේ සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් පවත්වාගෙන යන බවත් එම නිසා එහි බලපත්‍රය අහෝසි කිරිමට කටයුතු කරන බවත්  කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පැවසීය.


අද (26) කඩුගන්නාව නගර සභාවේ පශු වෛද්‍ය නිලධාරින් කඩුගන්නාව පොලිසිය, කඩුගන්නාව නගර සභාවේ ලේකම් හා කඩුගන්නාව නගර සභාවේ නිලධාරින් එක්ව කළ විමර්ශනයක දී මේ බව සභාපතිවරයා පැවැසීය.


කඩුගන්නාව නගරයේ ඇති හරක් මස් වෙළඳසැල මෙම නිලධාරින් නිරික්ෂණය කරන අවස්ථාවේදි එහි ඉවත් කරන ලද අපද්‍රව්‍ය පහත මාලයක කාමරයක් තුල දමා තිබියදි අදාල නිලධාරින්ට දැක ගත හැකි විය.

එහි මාස කිහිපයක පටන් මස් වෙලද සැලෙන් ඉවත් කරණ මස් කටු විශාල ප්‍රමානයක් තිබුනු අතර ඒවා කුනු වි දුගද හමමින් විශාල මැස්සන් ප්‍රමානයක් වසමින් තිබු අතර එම දුගද පළාත පුරාම හමමින් ඇති බවත් අදාල නිලධාරින් කල නිරීක්ෂනයේදි පැහැදිලි විය.


මෙම මස් වෙළඳසල මහජනතාවට අහිතකර ආකාරයෙන් පවත්වාගෙන යන හෙයින් මේ සම්බන්ධව කඩුගන්නාව මහ සභාවට කරුණු ඉදිරිපත් කර සභා තීරණයක් මත එහි බලපත්‍රය අහෝසි කිරිමට කටයුතු කරනු ලබන බවද පැවසීය.


කඩුගන්නාව නගරය තුළ යකඩ අබලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක් ද මහජනතාවට හා එහි ගමන් කරන මාර්ගයේ වාහන වලට අවහිර වන අන්දමින් ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වන ආකාරයෙන් අබලි ද්‍රව්‍ය ගොඩනගා ඇති හෙයින් මහජන පීඩාකාරි පනත යටතේ නීති මාර්ගයෙන් කටයුතු කිරිමට පියවර ගන්නා බවත් මහජනතාවට පීඩාකාරි නොවන අන්දමින් එහි කටයුතු කිරිම සඳහා දින කිහිපයක් ලබාදුන් බවත් එසේ නොකළහොත් ඒවායේ ද බලපත්‍ර අහෝසි කර නීති මාර්ගයෙන් කටයුතු කරනු ලබන බවද කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා පැවැසිය.
 



අදහස් (0)

කඩුගන්නාවේ හරක් මස් වෙළඳසැලේ බලපත්‍රය අහෝසියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 249 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site