( ජුඩ් සමන්ත )
මාදම්පේ පනිරෙන්දාව ‘කොටකන්ද‘ කන්දේ සහ ඒ ආශ්‍රිතව බොරළු කැණීමට ලබා දී ඇති බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා ලෙස මාදම්පේ ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.පී.හේරත් මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය වෙත දැනුම් දී ඇත.
කොටකන්ද සහ ඒ අවට කර ඇති බොරළු සහ පස් කැපීම නිසා විශාල පාරිසරික හානියක් සිදුවී ඇති බවත් එවන් තත්ත්වයක් මත නැවතත් බොරළු කැපීම සඳහා අවසර ලබා දීමට විරෝධය පල කරමින් ගම්වාසීන් පිරිසක් විරෝධතාවයක්ද පවත්වන ලදි.
ගම්වාසීන් විසින් අත්සන් කරන ලද විරෝධතා ලිපියක්ද පුත්තලම දිසා ලේකම්වරයා වෙත බාර දීම සදහා මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යංලයේ පරිපාලන ග්‍රාම නිලධාරී ලයනල් කුමාරසිංහ මහතා වෙත බාර දෙන ලදි.
දිස්ත්‍රික් කමිටුවේදී තීරණයක් ගන්නා තුරු එම බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටකන්දේ බොරළු කැපීම තාවකාලිකව නවතයි