IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කුකුල් මස් අපද්‍රව්‍ය වළ දැමීමට පැමිණි පුද්ගලයන්ට ගම්වාසීන්ගෙන් විරෝධය

බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

අත්‍යවශ්‍ය ලේබලයක් ප්‍රදර්ශනය කරමින් කල් ඉකුත් වූ අවසර ලිපියක් යොදාගෙන කුකුල් මස් අපද්‍රව්‍ය  වළ දැමීමට  ඉංගිරිය පෝරුවදන්ඩ මැද ගේට්ටුව පාර  වත්තකට ලොරි රථයෙන් පැමිණි  පුද්ගලයන් දෙදෙනෙකුට ගම්වාසීහු අද  (2) විරෝධය දැක්වවුහ.

එය වළක්වා ගැනිමට ඉංගිරිය පොලිසියට සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයට දැනුම් දීමට පියවර ගත් ගත්හ.

බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ ගොවිපළක සිට පැමිණ තිබූ මෙම ලොරියේ රියදුරු සන්තකයේ පානදුර දකුණ පොලිසියේ ඉකුත් මාර්තු 25 වැනි දිනට පමණක්  අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී තිබූ අවසර ලිපියක් හමු වූ බව පොලිසිය කියයි .

අපද්‍රව්‍ය වළ දැමීම සඳහා අවසර දී තිබූ  වත්තේ හිමිකරුට   ග්‍රාම සේවා නිළධාරි ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිසියේ දැඩි අවවාද කළහ .

ලොරියේ රැගෙන ආ අපද්‍රව්‍ය දැඩි දුර්ගන්ධයකින් පැවති අතර  මැස්සන් විශාල ප්‍රමාණයක් ලොරියේ  වසා සිටියහ .

මෙම ලොරි රථයෙන්ද  පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලකට විකිණීම සදහා කුකුල් මස් ද රැගෙන ආ බව මෙහිදී අනාවරණය විය. 

අපද්‍රව්‍ය රැගෙන ආ ලොරි රථය සහ සැකකරුවන් පොලිස් භාරයට ගත් අපද්‍රව්‍ය තොගය වෙනත් ලොරි රථයකින්  නැවත ගොවිපල කරා පිටත් කර හැරියහ.

සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



අදහස් (1)

කුකුල් මස් අපද්‍රව්‍ය වළ දැමීමට පැමිණි පුද්ගලයන්ට ගම්වාසීන්ගෙන් විරෝධය

chandima Sunday, 03 May 2020 06:17 PM

ජපානයේ මෙන්ම බහරේන් රාජ්‍යයේ විශාලම කුකුළුමස් ගොවිපොළ වලට මා ගොස් තිබෙනවා. කුකුලන් ඇතිකරන ගොවිපොළ විශාල කණ්ඩායමකට ඇත්තේ එක විශාල සැකසුම් මද්යස්ථානයක්. එහි සියලු සත්ව අපද්‍රවය එසැනින්ම පුළුස්ස කාබනික පොහොර බවට පත් කරනවා. තැන තැන වල දමන්නේ නැහැ. එම සැකසුම් මද්‍යස්ථාන වලින් එලියට එන කුකුළු මස් නිපැයුම් ඉහල මට්ටමේ සවුක්ය ආරක්‍ෂිත ලෙසයි වෙළඳපොළට පැමිණෙන්නේ. අපටත් මෙවැනි සමුපකාර ක්‍රමයේ මස් සැකසුම් මමධ්‍යස්ථානයක් නැතිනම් ඒකාබද්ධ මස් සැකසුම් මධ්‍යස්ථානයක් හෝ කිහිපයක් පිහිටුවා ගත හැකිනම් නිෂ්පාදනවල මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදීත් ඉහළ ප්‍රමිතියක් පවත්වාගැනීමට හැකි වෙනවා. සැම ලියාපදිංචි කුකුළු ගොවිපලකටම එම ආයතනය හා සම්බන්ධ විය හැකියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site