IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැකිරාවේ විදුලි සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක

කුෂාන් ජයවර්ධන 
                                        
කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු බල ප්‍රදේශයට අයත් නගර කිහිපයක විදුලි පාරිභෝගික සේවා කාර්යාලවල සේවකයෝ අද (07) උදෑසන 9.00 සිට පාරිභෝගික සේවා හා බිදවැටීම් ඇතුළු නඩත්තු කටයුතුවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිති.  
                        
මෙම විරෝධයට එක්ව ඇත්තේ  කැකිරාව, තඹුත්තේගම හා ගලෙන්බිඳුණුවැව විදුලි පාරිභෝගික සේවා කාර්යාලවල සේවකයින් පිරිසකි.    
                                  
විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු පෙරේදා(05)තඹුත්තේගම නගරයේදී පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තඹුත්තේගම පදිංචි ව්‍යාපාරිකයකු මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීම පිළිබඳව මෙම විරෝධය පළකරන බව විදුලි බල මණ්ඩල සේවකයෝ පවසති.                                         
මාසික විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් ලද විසන්ධි කිරීමේ නියෝග මත තඹුත්තේගම නගරයේ පිහිටි ලැගුම්හලක් ඇතුළු ස්ථාන කිහිපයක රාජකාරියේ නිරත වෙමින් සිටි සේවකයින් දෙදෙනා එම ලැගුම්හලේ හිමියා සහ තවත් අයෙකු මෝටර් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් පහරදී  ඇත.      
                       
ඔවුන් සතු විදුලි බල මණ්ඩලයට අයත් දත්ත ඇතුළත් ටැබ් පරිගණකයකට ද අලාභ හානි සිදුකර තිබිණ.    
                                     
පහරකෑමට ලක්වූ සේවකයන් තමන්ට එල්ලවූ ප්‍රහාරය හා රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් තඹුත්තේගම මූල්ස්ථාන පොලිසියට පැමිණිලි කර පැය 24කටත් වඩා වැඩි කාලයක් ගතව එම ලැගුම්හල් හිමියා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර නැතැයි විදුලි සේවකයෝ පවසති.
                                      
සැකකාර ව්‍යාපාරිකයාගේ පහරකෑමට ලක්වූ සේවකයෝ  තඹුත්තේගම රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.
 



අදහස් (0)

කැකිරාවේ විදුලි සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site