IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඔරුවක් පෙරැළි අයෙක් මරුට

 (ක.ග. කරුණාරත්න)

 

පොලොන්නරුව අලුත්වැව ජනපදයේ පිහිටි අලුත්වැවේ නෙළුම් බට්ටන් කැඩීම සඳහා ඔරුවකින් ගිය පුද්ගලයෝ තිදෙනෙකු අද(12) සවස ඔරුව පෙරළීමෙන් අනතුරකට පත්ව එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
 

ඔරුවේ ගමන්ගත් අනෙක් දෙදෙනා පිහිනා දිවි බේරාගෙන ඇත. දියේ ගිලුණු පුද්ගලයා  පසුව ගොඩටගෙන රෝහල් ගතකරන අවස්ථාවේ මිය ගොස් තිබේ.
 
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව,අලුත්වැව, අංක 32 ලිපිනයේ පදිංචි අයි.ඒ.නෙවිල් ජයන්ත ප්‍රනාන්දු නැමැති 55 හැවිරිදිි අයෙකි.අනතුරින් දිවි බේරාගත් දෙදෙනා පොලොන්නරුව අලුත්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
මියගියඅයගේ මරණය සම්බන්‍ධයෙන් මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පොලොන්නරුව මහ රෝහලේදී අද (12) පැවැත්වීමට නියමිතව තිබුණි.
 
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (0)

ඔරුවක් පෙරැළි අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site