IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඔමාබා හා පුටින් පැරීසියේ : ඒත් එකට හමු නොවේ

මීට වසර 70 කට පෙර ප‍්‍රංශය යටත් කරගෙන සිටි ජර්මන් නාසි හමුදාව පරාජය කොට ප‍්‍රංශයේ අගනුවර පැරීසිය හිට්ලර්ගෙන් නිදහස් කැර ගැනීම  සැමැරීමට ඇමෙරිකා හා රුසියා නායකයින්  පැරීසියට පැමිණි පැරීසියට පැමිණි නමුත් දෙදෙනා එකට හමු වු බවක් ද පෙනෙන්නට නැත.ප්‍රංශ ජනපති මේ දෙදෙනා සමඟ වෙන වෙනම රාත්‍රී භෝජන සංහ්‍රහ පැවැත්විය.

ඇමෙරිකාව,  මහා බි‍්‍රතාන්‍යය,සෝවියට් රුසියාව, කැනඩාව ප‍්‍රධාන ඔස්ටේ‍්‍රලියාව, චෙකෝස්ලෝවැකියාව, ග‍්‍රීසිය, බෙල්යමය, නෙදර්ලන්තය, පෝලන්තය, නොර්වේ, නවසීලන්තය යන රටවල හමුදා භටයෝ පැරීසිය බේරා ගැනීමේ නිදහස් සටනේ පෙරමුණ ගත්හ.

එය සිදුවුයේ 1944 ජූනි මස 06 වැනිදාය. උතුරු ප‍්‍රංශයෙන් එංගලන්තය බෙදා වෙන් කරන ඉංග‍්‍රීසි  ඕඩයේ ප‍්‍රංශයට අයත් මුහුදු වෙරළේ විවිධ ස්ථාන වලට ගොඩ බසින ලද පැරෂුට් භටයන්, මුහුදෙන් පැමිණි නාවික භටයන්, හා ගුවනින් පැමිණි ගුවන් භටයන් ඇතුලත් මිත‍්‍ර හමුදාව නාසි හමුදාවේ ප‍්‍රහාර වලට මුහුණ දෙමින් නාසි හමුදා පරාජය කළේය.

 එම සත්කාරයට ගරු සැලකීමක් වශයෙන් ඔමාර් බීච්, යුටාහා බීච්, ගෝල්ඞ් බීච්, ෂෝර්ඞ් බීච්, හා ජුනෝ බීච් යන ඉංග‍්‍රීසි නම් වලින් උතුරු ප‍්‍රංශයේ නොර්මැන්ඩි ප‍්‍රදේශයට අයත් මුහුදු වෙරළ නම් කර ඇත්තේය.

එදා සිට අද දක්වා ප‍්‍රංශය ඉහත සුවිශේෂි අවස්ථාව සමරණ අතරම වසර පහකට වරක් එම රටවල සියලූම නායකයන් එකතුවී මෙම සුවිශේෂි අවස්ථාව සැමරෙයි. එම දුර්ලභ අවස්ථාව මෙවර උතුරු ප‍්‍රංශයේ පිහිටි ඉහත මුහුදු වෙරළේදි ජූනි මස 06 වැනිදා අද  මහ ඉහළින් සැමරෙයි.

ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රමුඛ එළිසබත් මහ රැජිණිය, ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා, රුසියාවේ ජනාධිපති වැලඩිමීර් පුටින්, එංගලන්තයේ අගමැති ඬේවිඞ් කැමරුන් ඇතුළු සුපිරි  රාජ්‍ය නායකයෝ  විසි දෙදෙනෙක් මෙම මුහුදු වෙරළේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයට සහභාගි වෙති.

එමනිසා මෙම මුහුදු වෙරළ ඇතුළත් වර්ග කිලෝමීටර්  15 ක ප්‍රාදේශය ගුවනින්, මුහුදින් හා ගෙඩ බිමින් දැඩි ආරක්ෂක පරිපථයකට එක් කරමින් ප‍්‍රංශ ආරක්ෂක අංශ ප‍්‍රධාන ඉහත රටවල ආරක්ෂකයෝ ලෝක බලවතුන් ආරක්ෂා කර ගැනීමට සීරුවෙන් සිටිති. එබැවින් උතුරු ප‍්‍රංශයේ මුහුදු වෙරළ ජූනි 06  වැනිදාට ලෝකයේ දැඩිම ආරක්ෂිත කලාපය බවට පත්වී ඇත්තේය.

 

 

 

 

 

 

 



අදහස් (0)

ඔමාබා හා පුටින් පැරීසියේ : ඒත් එකට හමු නොවේ

සිසිර Friday, 06 June 2014 01:14 PM

සියලුම සත්ත්වයින්ට මේ ලෝකයේ ජීවත්වීමට ඇත්තේ එකම අයිතියක්. පුටින් එඩිතර මිනිසෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site