
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති,ඒ.ටී
එම්. යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සාහ දැරූ දෙදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය , බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයන් දෙදෙනා මුදල් ලබා ගන්නා මුවාවෙන් රාත්‍රී 12 පමණ ඒ.ටීඑම්. යන්ත්‍රය අසලට පැමිණ ,අඩි 5ක් පමණ දිගින් යුත් , යකඩෙන් සැකසූ තියුණු ආයුධයකින් , යන්ත්‍රය කැඩීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ .
පැයක පමණ කාලයක් යන්ත්‍රය කැඩීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වීම නිසා දෙදෙනා ඉන් ඉවත්ව ගොස් තිබේ.
පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පුද්ගලයකු මේ බව දැක , පොලිසියට කළ දැනුම් දීමකට අනුව , පොලිස් නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂාකොට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශනයක් ආරම්භ කරන ලදී . ඒ අනුව එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ රූපරාමු වලින් හඳුනාගත් දෙදෙනකු රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒ.ටි.එම් යන්ත්‍රය කඩන්න ගිය දෙකක් අල්ලයි
sharm warn Monday, 15 November 2021 02:26 PM
ගෙවල් බිඳින්නේ නැතුව මේවා කඩන්න හදන එකත් හොඳයි .ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව මරලා නේ පස්ස බලන්නේ .අනිත් එක මිනිස්සු ළඟ සල්ලිත් නැහැ නේ .මේවාට ආරක්ෂක කාමර තියන නිසා හෝරාව අල්ල ගන්න හරි පුළුවන්