IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඒජාප මන්ත්‍රීන් ගැන ප්‍රශ්න කරන්න ඒකාබද්ධයට අයිතියක් නෑ

(ඉන්දික අරුණ කුමාර)

එක්සත් ජාතීක පක්ෂයේ මැති ඇමතිවරුන් පිළිබඳ ප‍්‍රශ්න කිරිමට ඒකාබද්ධයේ මන්ත‍්‍රීවරුන්ට සදාචාරාත්මක අයිතියක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී රෝහිණි විජේරත්න කවිරත්න මහත්මිය පවසයි.

අද ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ එක්සත් ජාතික පක්ෂයේ පිරිස් දඩයම් කිරීමේ ක‍්‍රියාවලියක කවුරුන් හෝ නිරත වන්නේනම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද ඇය කියයි.

රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා පිළිබඳ ජනාධිපති කොමිසම ක‍්‍රියාකළ ආකාරයත් චෝදනා එල්ලවී ඇති ඒකාබද්ධයේ මන්ත‍්‍රිවරුන් සම්බන්ධයෙනුත් ක‍්‍රියාකරන ආකාරය ගැන එක්සත් ජාතික පක්ෂය දැඩි අවධානයෙන් පසුවන බව ද ඒ මහත්මිය පවසයි.

ලග්ගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාලම් කිහිපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවකට  එක්වෙමින් මන්ත්‍රීවරිය අද(13) මේ බව පැවසීය.



අදහස් (5)

ඒජාප මන්ත්‍රීන් ගැන ප්‍රශ්න කරන්න ඒකාබද්ධයට අයිතියක් නෑ

raveendra Sunday, 13 August 2017 05:33 AM

මා ඔබගේ අදහසට එකගවෙන්නෙමි. ඒවගේම ඔබලාටත් අනිත් කිසිවකු ගැන ප්‍රශ්න කිරිමටද කිසිම හැකියාවක් නොමැත. මක්නිසාදයත් ඔබ සියලු දෙනාම එකම බෝට්ටුවේ බැවින්. අප දකින්නේ පාට වෙනසක්පමනි. එය ඔබට නොතේරීම ගැන කනගාටු වෙමි. තව එක් දෙයක් කීමට කැමැත්තෙමි. මිට පෙර අප විසින් අනන්ත වාරගණනක් කියා ඇත. කිනම් හෝ ව්‍යාපෘතියක් ආරම්භ කරනවිට තම තමන්ගේ නම ලොකු අකුරෙන් ලියා නාම පුර්ව ප්‍රදර්ශනය කිරීම හා ඒ සදහා අපගේ මුදල් නාස්තිකර උත්සව පැවැත්වීම දඩුවම් ලැබිය යුතු වරදකි. මක් නිසාදයත් එම මුදල් ඔබගේ පුද්ගලික මුදල් නොව , ඒවා මගේ, අපගේ මුදල් බැවිනි. මෙලෙසම කිනම් හෝ ව්‍යාපෘතියක් විවෘත කිරීමේදීද පතරංග ජාතක අකුරින් තම තම තමන්ගේ නම් සහිත නමාපුර්ව ප්‍රදර්ශනය කිරීම හා ඒ හා සමගාමී උත්සව පැවැත්වීම නොකරන මෙන් කාරුණිකව දන්වමි.

:       0       109

Senarath Monday, 14 August 2017 03:39 AM

හොරකම් ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ කියන්නේ කොහොමද ? මේ හොරකම් කරන සල්ලි අපේ රටේ ජනතාවගේ මුදල් , හොරකම් නොකරනවානම් කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ.

:       17       125

raveendraMonday, 14 August 2017 10:55 AM

සෙනරත් මයා කරුණාකර මා සදහන් කර ඇති කරුණු හොදින් කියව බලන මෙන් ඉල්ලා සිටිමි.

:       0       0

Sujith Monday, 14 August 2017 06:10 PM

එතකොට අනික් අයට නිකරුනේ චෝදනා කරන්න අයිතිය තියෙන්නේ ඔයාලට විතරද.

:       0       107

Senarath Tuesday, 15 August 2017 03:24 AM

රවින්ද්‍ර මයා ඔබ වරදවා වටහාගෙන. මම කමෙන්ට් කලේ මේ මන්ත්‍රීවරියගේ ප්‍රකාශයේ තියෙන කරුණුවලට. මේ මන්ත්‍රීවරිය දැනගන්න ඕනේ, ජනතාව චන්දෙ දුන්නේ පසුගිය රජයේ හොරු අල්ලන්න විතරක් නෙමෙයි කියන එකත්. මේ රජය තමන්ට බලය දීපු ජනතාව බලාපොරොත්තු වුනු ආකාරයේ වැඩ, බොහෝදුරට රජය දුන් පොරොන්දු මත රටට වැඩකළ යුතුයි. එහෙම වෙන බවක් අපිට පෙනෙන්නේ නැහැ. එහෙම නැතුව හොරු අල්ලන්න විතරක් නම් , අපේ රටේ පොලිසියට තියෙන බලතල හොදටම ඇති හොරු අල්ලන්න. අලුත් රජයක් ඕනේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2371 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site