IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඒකාබද්ධයට විරෝධය පා නිවිතිගල ප්‍රා. සබේත් කළබල

(අජිත්ලාල් ශාන්තඋදය සහ ආරියරත්න මාමුහේවා)


කතානායකවරයාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවරහිර වන සේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින් විරෝධය පෑ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් හය දෙනෙක් අද (21) සභාවෙන් පිටව ගියහ.


නිවිතිගල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී උප සභාපති විජිත වැරණියගොඩ මහතාගේ මූලාසනයෙන් අද (21) එම සභාව පැවැත්විණි. සභාව ආරම්භ කරන අවස්ථාවේ විපක්‍ෂ කණ්ඩායම් නායක පියසේන පොල්වත්ත (එජාප) මහතා නැගී සිටිමින් පසුගියදා පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින් අදහස් දැක්වීය. 


එසේම කතානායකවරයා වෙත දිගින් දිගටම චෝදනා එල්ල කිරීම තම කණ්ඩායම අනුමත නොකරන බව කී ඒ මහතා සභාවෙන් පිටව ගියේය.


සුනිල් සේරසිංහ, සුසන්ත රූපසිංහ, ඒ. සුරේෂ් කාන්ත්, ගීතා එක්නැලිගොඩ, නිශාන්ති ප්‍රියදර්ශනී යන සභික සභිකාවෝ විපක්‍ෂ කණ්ඩායම් නායකයා සමඟ සභාවෙන් පිටව ගියහ.


එක්සත් ජාතික පක්‍ෂ සභිකයන් ඉවත්ව ගිය ද සෙසු සභිකයන් හා එක්ව සභාව ඉදිරියට පවත්වාගෙන යාමට විජිත වැරනියගොඩ මහතා පියවර ගත්තේ ය.



අදහස් (0)

ඒකාබද්ධයට විරෝධය පා නිවිතිගල ප්‍රා. සබේත් කළබල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site