IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌවේ සෞඛ්‍ය සේවකයෝ වැඩ වරති

(විජේරත්න රත්නායක )
 
කරුණු කීපයක් මුල්කරගෙන ඌව පළාතේ පළාත් රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතන 58 ක සේවකයින් අද (26) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
 
අතිකාල දීමනා කපාහැරීම, උත්සව අත්තිකාරම් ප්‍රමාද කිරීම, ගමන් වියදම් කපා හැරීම, ගිලන් රථ සහායක අතිකාල කප්පාදුව යන කරුණු මුල් කරගනිමින් දියතලාව මූලික රෝහල හැර ඌව පළාත් සභාවට අයත් සෙසු සියළු පළාත් සෞඛ්‍ය ආයතනවල උපස්ථායක, කණිෂ්ඨ සේවක, විදුලි සෝපාන ක්‍රියාකරු, මැහුම් සේවිකා, අරක්කැමි, සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු සේවක සේවිකාවන් 2200 ක් පමණ මෙම වර්ජනයට එක්ව සිටිති.
 
ඌව පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල 27 ක්,  මූලික රෝහල් 05 ක්,  දිසා රෝහල් 12 ක්, ප්‍රාදේශීය රෝහල් 14 ක් මෙම වර්ජනයට එක්ව සිටින අතර සමස්ථ ලංකා සුව සේවා සංගමයේ ඌව පළාත් ශාඛාව මෙම වර්ජනය සංවිධානය කොට තිබේ.
 
සිය ගැටළුවලට කඩිනම් විසඳුමක් ලබා නොදුන හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව එම සංගමයේ ඌව පළාත් ලේකම් ටී.එම්.අසංක ඉන්දික මහතා පැවසීය.



අදහස් (0)

ඌවේ සෞඛ්‍ය සේවකයෝ වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site