IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ඌවේ අනධ්‍යයන සේවකයින්ට මාස දෙකක් වැටුප් නෑ‘

  (විජේරත්න රත්නායක )
 
ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල අනධ්‍යයන සේවකයින් 1200 කට අධික පිරිසකට මාස දෙකක වැටුප් ගෙවා නොමැති බව ලංකා ගුරුසේවා සංගමය කියයි.
 
ලංකා ගුරුසේවා සංගමයේ ඌව පළාත් ලේකම් ප්‍රියන්ත වරුෂමාන මහතා සඳහන් කළේ මෙම 2019 පෙබරවාරි, මාර්තු යන මාසවල ගුරු වැටුප් ගෙවා ඇතත් එම මාසවලට අදාළව පාසල් අනධ්‍යයන සේවකයින්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතායට පත්ව සිටින බවයි.
 
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයත් සමඟ මෙසේ මාස දෙකක වැටුප් නොලැබීම නිසා එම සේවකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අසරණ භාවයට හා කණස්සල්ලට පත්ව සිටින බවත් ඌව පළාතේ අධ්‍යාපන බලධාරීන් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගතයුතුව ඇති බවත් ඒ මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ලේකම් එම්.ඩී.ආනන්ද සිල්වා මහතා පැවසුවේ අධ්‍යාපන අනධ්‍යයන සේවක වැටුප් ප්‍රමාද කිරීම අදාළ බලධාරීන් විසින් නිරන්තරයෙන් සිදුකරන අතර දැඩි අරගලයකින් පසු ඉකුත් ජනවාරි මස ඔවුන්ගේ වැටුප ලබාගැනීමට හැකිවුවත් එළඹෙන අලුත් අවුරුද්ද අබිමුව අධ්‍යාපන අනධ්‍යයන සේවයේ දෙදහසකට ආසන්න පිරිසක් මෙසේ අසරණ කිරීම දැඩි අසාධාරණයක් බවයි.
 
  එසේම ඉදිරි සිංහල අලුත් අවුරුද්දට පෙර මෙම හිඟ වැටුප් ලබාදීමට අදාළ බලධාරීන් පියවර නොගතහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවද ඒ මහතා පැවසීය.  



අදහස් (0)

‘ඌවේ අනධ්‍යයන සේවකයින්ට මාස දෙකක් වැටුප් නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32186 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14661 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 63 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 331 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site