(ඩී.කේ. රත්න )
ඌවපරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි රජයේ වන වගාවක අද (26) දහවල් ඇතිවු හදිසි ගින්නකින් එම වන වගාවේ අක්කර පහක් පමණ කොටසක් ගින්නෙන් විනාශ වී ඇතැයි ඌවපරණගම පොලීසිය පවසයි.
රජයේ වන වගාවකට අයත් පයිනස් හා ටර්පන්ටයින් ශාඛ ඇති ප‍්‍රදේශයක මෙම ගින්න ඇතිවී තිබේ.
කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම වන වගාවට ගිනි ලබන්නට ඇතයි ඌවපරණගම පොලීසිය පවසයි.
මේ දින වල ප‍්‍රදේශයට පවතින වියළි කාලගුණික තත්වය හා සුළං තත්වය හේතුවෙන් ගින්න සීග‍්‍රයෙන් පැතිර ගොස් තිබේ. මෙම ගිනි ගැනීමත් සමග එම වන වගාවේ සිටි කුඩා සත්ව විශේෂ රැුසක්ම ගින්නෙන් විනාශවන්නට ඇතයි පොලීසිය කියයි.
ජල පෝෂක ප‍්‍රදේශයක් ආසන්නයේම පිහිටි මෙම වන වගාවේ ඇති වු ගින්න වන සංරක්ෂණ නිළධාරින් ඌවපරණගම පොලීසිය හා ප‍්‍රදේශවාසින් එක්ව මහත් පරිශ‍්‍රමයක් දරා සම්පූර්ණයෙන්ම නිවා දමා තිබේ.
ඌවපරණගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතාගේ උපදෙස් පරිදි ඌවපරණගම පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌවපරණගම රක්ෂිතයේ වනවගාවක ගින්නකින් අක්කර 5 ක් විනාශයි