IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


’’උස්වැවේ රොන් මඩ ඉවත් කර නෑ’’ ධීවරයෝ කියති


(ජුඩ් සමන්ත)
 
ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ තිබෙන වැව් අතරින් විශාලතම වැවක් වන “උස්වැව” වැවේ තැම්පත් වී ඇති රොන් මඩ වසර ගණනාවකින් ඉවත් නොකිරීම නිසා දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ධීවරයෝ පවසති.

අතීතයේදී “රකුසෙකු” විසින් මෙම වැව කරවා ඇති බවත් ඒ නිසා වැව මුලින් හඳුන්වා ඇත්තේ “රකුස්වැව” යනුවෙනි. එම වැව පසුව “කුස්වැව” වී ඇති අතර,ව්‍යවහාරයේදී පසු කලක උස්වැව වූ බව ගම්මුන් කියති.

වැසි ජලයෙන් පමණක් පෝෂණය වී ඇති උස්වැව වැවට කිසිදු ජල පෝෂකයක් තිබී නොමැත. නමුත් වැවට එකතු වන ජලයෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් අතීතයේ සිට අස්වද්දා ඇති බව පැරණි ගම්මු කියති. 

ඒ අනුව වැව අවට ඇති වත්තේගෙදර,කුරටිහේන,දඹුව,වැල්පොතුවැව, මහඋස්වැව, මැරුංගොඩ ආදී ගම්මාන වල ජනතාව ගොවිතැන් කටයුතු සිදු කරගෙන යයි.

අක්කර 1500 ක විශාලත්වයක් ඇති මෙම වැව 1983 වර්ෂයේදී ඉගිනිමිටිය ව්‍යාපාරය හා එක්කර ඇත. එතැන් සිට වැවට අවශ්‍ය ජලය ලැබෙනුයේ ඉගිනිමිටිය ව්‍යාපාරයේ සිට කරන ලද ඇල මාර්ගයකිනි.

මේ වනවිට උස්වැව වැව පාදක කර ගනිමින් ධීවරයන් 45 දෙනෙකු රැකියා කටයුතු සිදු කරති. වැවේ ජලය තිබෙන කාලයට දිනකට රුපියල් 3000 ක පමණ මසුන් අල්ලා ගත හැකි වුවත්,මේ කාලයේදී දිනකට රුපියල් 200 -  300 ක් වටිනා මසුන් අල්ලා ගැනීමත් ගැටළුවක් බව ඔවුන් කියා සිටියි.
 
1847 වර්ෂයේදී පුද්ගලික ආයතනයක් විසින් වැව අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇති බවත් පසුව කිසිදු දිනක මෙම වැව නිසි ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැති බව ධීවරයෝ කියති.

වසරකට වරක් වැවට වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය සහ ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් මිරිදිය මත්ස්‍ය පැටවුන් සහ ඉස්සන් මුදා හැරියත් වැවේ තිබෙන රොන් මඩ හේතුවෙන් නිසි අස්වැන්නක් ලබාගත නොහැකි බවද පවසති.

මෙයට හේතුව ලෙස පවතින අඩු ජලයේ රැදී නොසිටින මසුන් සහ ඉස්සන් වැව පිටාර ගලන විට එම ජලයද සමඟ වැවේන් පිටතට යන බැවිනි. මේ වන විට ඇතැම් ස්ථාන වල අඩි 13 ක් පමණ මඩ තට්ටු තැම්පත් වී තිබේ. ‍

මෙම තත්ත්වය නිසා මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනීම සඳහා දැල් යෙදීම ගැටළුවක් වී ඇතත් නියං කාලයේදී කිසියම් ක්‍රමවේදයක් භාවිතා කර වැවේ තැම්පත් වී ඇති රොන් මඩ ඉවත් කරන්නේ නම් වැවට වැඩි ජලයක් එකතුවීම තුළින් වැඩි මත්ස්‍යය නිෂ්පාදනයක් මෙන්ම සාර්ථක ගොවිතැනක් කළ හැකි බවද ඔවුහු පෙන්වා දෙති.



අදහස් (0)

’’උස්වැවේ රොන් මඩ ඉවත් කර නෑ’’ ධීවරයෝ කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31494 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13822 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 297 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site