IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උතුරු මැද මන්ත්‍රීවරයකුගෙන් මහ ඇමතිට එරෙහි නඩුවක්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ මන්ත්‍රිවරයකු ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුරුවරු බඳවා ගැනිමට එරෙහිව තමන්ටත් පළාත් සභාවටත් විරුද්ධව නඩු පවරා ඇතැයි උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.

රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදි කළ ගල්කිරියාගම  විදුහලේ පරිපාලන ගොඩනැගිල්ල පාසලට පැවරිමේ උත්සවයට අද (07) සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.

“උතුරු මැද පළාතේ ගුරු හිඟයට පිළියම් වශයෙන් ගුරුවරු බදවා ගන්න හදනකොට පළාතේම මන්ත්‍රිවරයෙක් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ දරුවන්ට උගන්වන්න ගුරුවරු බඳවා ගැනිමට එරෙහිව මටත් පළාත් සභාවටත් විරැද්ධව නඩු පවරලා
 මෙතෙක් කාලයක් තිබුණේ පක්ෂයේ වැඩවලට විපක්ෂයෙන් අභියෝග ආපු එක. ඒත් උතුරු මැද පළාතේ සංවර්ධන කටයුතු කිරිමේදි මම අභියෝග තුනකට මුහුණ දෙනවා. ඒ තමයි මඩ ගැසිම්, නඩු දැමීම් හා පත්තරවලට වැරදි තොරතුරු ලබාදීම්.හැබැයි මම නඩුවලට බ‍යත් නෑ මඩවලට බයත් නෑ පත්තරවලට බයත් නෑ.

උතුරු මැද පළාතේ පසුගිය දෙවසර තුළ  අධ්‍යාපන කෙෂ්ත්‍රයේ විශාල සංවර්ධනයක් ඇති කළේ මේ අභියෝගවලට මුහුණ දෙමින්.පසුගිය කාලයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළෘට අධිවේගි මාර්ග ඉදිකළාට උතුරු මැද පළාතේ ගුරු හිඟයට විසඳුම් ලැබුණේ නෑ.පාසල්වල ඩෙස් පුටු හිඟයට ගොඩනැගිලි හිඟයට විසදුමක් ලැබුණේ නෑ . “යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.


 



අදහස් (0)

උතුරු මැද මන්ත්‍රීවරයකුගෙන් මහ ඇමතිට එරෙහි නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1741 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site