IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කරන්න ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්

(එෆ්.අස්ලම්)

උතුරු පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතන සියල්ල මාසයක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නියෝග කර තිබේ.

 

ඒ අනුව පළාතේ සියළුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල හිමිකරුවන් සිය ආයතන පිහිටි ස්ථාන හා ඉඩකඩම් තොරතුරු පිළිබඳ වාර්තා අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දිය යුතු බවත් ලබන මාර්තු 4 වැනිදාට පෙර මෙකී ආයතන පිළිබඳ සියළු තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි විය යුතු බවත් ආණ්ඩුකාරවරයා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

 

එමෙන්ම නගරවල ප්‍රදර්ශනය කරන විශාල බැනර් සහ දැන්වීම්වල ඒවා ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දී ඇති අංකයද  සදහන් කළ යුතු බවත් මෙය ඉදිරි දෙසතියක කාලය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.

 

මෙකී නියෝගය නොතකන ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නෛතික පියවර ගන්නා ලෙසට ආණ්ඩුකාරවරයා අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් දී ඇත.

 

මේ පිළිබඳ තොරතුරු උතුරු පළාත් සභාවේ www.np.gov.lk වෙබ් අඩෙවියෙන් හෝ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ 0212231343 නැමති අංකය අමතමින් දැනගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සඳහන් කර සිටියි.

 



අදහස් (0)

උතුරේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ලියාපදිංචි කරන්න ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site