ඩී.ජී.සුගතපාල
ඉමදුව ප්‍රාදේශීය සභාව අද (19) රැස්වු අවස්ථාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ඒ.ජී.අරුණ මන්ත්‍රීවරයා සහ සභාපතිවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇතිවු මත ගැටුමක් නිසා සභාව එකම ගාලගෝට්ටියක් වු අතර සිදුවිමට ගිය ගුටිබැට හුවමාරුවක් ද නුලෙන් වැළකී ගියේය.
සභාපති ඒ.වී.සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී රැස්වීම පැවැත්විණි.
සභාව ආරම්භ වීමෙන් පසුව සභාපතිවරයා ආදාහනාගාරයේ මිල ගණන් වැඩි කිරිමේ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ඒ.ජී.අරුණ මහතා එයට දැඩි ලෙස විරෝධය පලකරමින් අදහස් දක්වන්නට වීමත් සමඟ සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
මන්ත්‍රිවරයා පැවසුවේ මේ සභාවේ තීන්දු ගන්නේ තනියම නිසා මෙයට සහාය දිමට නොහැකි බවය. විදී පහනක් ඉල්ලුවම නොදෙන බවත් තමාගේ අතින් වියදම් කර විදී පහනක් සවි කිරිමටවත් ඉල්ලු විට එයටද ඉඩ නොදෙන බවත් අපි ඉල්ලන්නේ අපේ අයිතිවාසිකම් බවත් කියමින් මන්ත්‍රීවරයා තවදුරටත් ආවේගශීලිව අදහස් දක්වන්නට විය.
එම අවස්ථාවේ සභාපතිවරයා ඔහුට වාඩිවන ලෙස කියා සිටි විට මන්ත්‍රීවරයා කියා සිටියේ තමා වාඩි නොව බවයි.
සභාපති “මන්ත්‍රිතමා වාඩිවෙන්න“
එවිට ‘නැහැ මම වාඩි වෙන්නේ නැහැ මොනවා කරන්නද “ කියමින් මන්ත්‍රීවරයා මේසය උඩ තිබු වතුර විදුරුවට සහ නාම පුවරුවට පුටුවටද ගසා මේසය උඩ නැග්ගේය.
මෙහිදී සභාපතිවරයා සහ මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද සභාපතිවරයාට සහාය දක්වමින් කතා කරන්නට වුහ.
“ඡන්ද 300ක් අරගෙන අපට පාට් දාන්න එනවා ඒ සෙල්ලම් දාන්න බැහැ‘කියමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තර්ජනය කරන්නටද විය.
“මහින්ගේ කරපිටින් පිනට ආවේ නැහැ. අපි ආවේ ඡන්දෙන් “කියමින් මන්ත්‍රීවරයාද කෑගසන්නට වීමත් සමඟ සභාව යළිත් එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉමදූව ප්‍රා.සභාවේ ගැටුමක්