(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
නිවෙස් හිමි කාන්තාව තේ දළු කැඩිමට ගොස් සිටියදි ඉමදුව කොඹළ ප්‍රදේශයේ වසා දමා තිබු නිවසේ විදුරු ජනේලය කඩා නිවසට ඇතුල් වු අයකු රුපියල් 212400ක් වටිනා රන් භාණ්ඩ හා සොරකම් කරගෙන ගොස් ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.
මෙකි සොරකම පිළිබද නිවෙස්හිමි කාන්තාව විසින් ඉමදුව පොලිසියට පැමිණිලිකොට ඇත. ඇය තම දියණිය හා බෑනා සමග නිවසේ පදිංචිව සිටින බව පැමිණිල්ලේ සදහන් කොට තිබේ. බෑනා හා දියණිය රැකියාවන් සදහා නිවසින් පිටත්ව ගිය පසු නිවෙස්හිමි කාන්තාව විසින් නිවසේ දොරවල් වසා තේ දළු නෙලිමට ගොස් තිබේ. යලි පස්වරුවේ නිවසට පැමිණ තිබේ.
නිවස වසා තිබු විදුරු ජනේලයක් බිද නිවසට ඇතුල් වු අයෙකු නිවස තුල තිබු මුදල් රුපියල් දස දහසක්, රත්තරන් පවු ම් දෙකහමාරක් පමණ බර මාල තුනක්, පෙන්ඩන්ට් 02ක් මුදු 04ක්, කරාබු 02ක් ඇතුළු රුපියල් 202400ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇති බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඉමදුව පොලිසිය මෙම සොරකම පිළිබද පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉමදූව නිවසක් කඩා රන්භාණ්ඩ පැහැරගෙන