IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉනාමළුව රක්ෂිතයේ ගොඩකිරල ගස් කැපු වන නිලධාරීන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට


(කාංචන කුමාර ආරියදාස)


දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ තිබූ  ගොඩ කිරල ගස් තුනක් කපා දැව කඳන් ටැක්ටරට ප්‍රවාහනය කරමින් සිටි වන නිලධාරීයකු, සුළු සේවකයකු  සහ සිවිල් පුද්ගලයෙකු  ට්‍රැක්ටර් රථයක් දඹුල්ල ඇටවරාහේන ප්‍රදේශයේදී  සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ .


මෙසේ අත්අඩංගුවට පත් දැව කදන් 12 ක්, සැකකරුවන් තුනක් ටැක්ටර් රථයක් වන නිලධාරින් පැමිණි යතුරුපැදි දෙකක්  සීගිරිය පොලිසියට බාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැවසුහ .


 අත්අඩංගුවට ගත් වන නිලධාරීන් දඹුල්ල ඉනාමළුව වන සංරක්ෂණ කාර්යාලය සේවයේ නිරත ව සිටින බව පොලිසිය කියයි.  මෙම ප්‍රදේශයේ තවත් ගස් රැසක්  කපා දමා තිබෙන බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම   දැව ප්‍රවාහනයට හෝ හෙලීම් සඳහා කිසිදු බලපත්‍රයක් ඔවුන් සතුව නොතිබුණු බව පොලිසිය කියයි.


කාලයක සිට සිගිරිය ප්‍රදේශයේ ලී කැටයම් කපන කර්මාන්තය සදහා රජයේ රක්ෂිතයේ ඇති සංරක්ෂිත දුර්ලභ ගොඩකිරිල්ල ගස් කපා අධික මිලයකට අලෙවි  කිරීම සිදුකරන බවය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබිණි .


රක්ෂිතයේ දැව  සොරුන් සැකපිට අල්ලාගෙන වන කාර්යාලයට රැගෙන යන ආකාරයට වන නිලධාරින් ටැක්ටර් රථයේ ඉදිරියෙන් අයකුද පිටුපසින් අයකුද සමඟ ජනතාවට පෙනෙන සේ ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත .


වන නිලධාරින් පොලිසියට කියා ඇත්තේ තේක්ක ගස් ඉවත් කිරීමේ වැඩසටහන යටතේ රක්ෂිතයේ තිබුණු ගසක් කඩා වැටි එම දැව කදන් කාර්යාලයට රැගෙන යන බවයි .පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ගස බැලීමට ඔවුන් සමග රක්ෂිතයට යද්දී එවැන්නක් නොව ගස් රැසක් කපා ඇති බව නිරීක්ෂණයට ලක්වූ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසති .


නැවත ප්‍රශ්න කිරීමේදී කියා ඇත්තේ වන කාර්යාලයක් ඉදිකිරීම් සදහා මේ ගස් කපා රැගෙන යන බවය .ඒ සදහා අවසර පත්‍ර විමසීමේදී කිසිවක් නොමැති නිසා පිරිස් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පවසති .



අදහස් (0)

ඉනාමළුව රක්ෂිතයේ ගොඩකිරල ගස් කැපු වන නිලධාරීන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site