IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තන ශීල්පීන් වෛද්‍ය පරික්ෂණයකට


 
චමිල් රුපසිංහ
 
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යය සඳහා නර්තන කණ්ඩායම් තෝරා ගැනීම හා නර්තන ශිල්පීන්ගේ සෞඛ්‍ය තත්වයන් සඳහා වෛද්‍ය පරික්ෂණ ඊයේ (30) හා අද (1) දෙදින තුළ පල්ලකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ විද්‍යායතනයට අනුබද්ධිත උඩරට නර්තන පීඨයේ දී සිදුකෙරිණි.


එහිදී ඇසළ පෙරහර මංගල්‍යට සහභාගී වන සියලුම නර්තන ශීල්පින්ගේ සෞඛ්‍ය තත්ත්වයන් මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගේ උපදෙස් මත විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය මහතාගේ මුලිකත්වයෙන් මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු, හෙදියන් හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.


එහිදි නර්තන ශීල්පීන්ගේ රුධිර පීඩනය,දියවැඩියාව,ඇස් පරික්ෂාව ඇතුළු රෝග තත්වයන් පිළිබඳ වාර්තා ලබා ගත් අතර ඇසළ පෙරහර මංගල්‍යයේ දී යම් නර්තන ශිල්පියකුට යම් අනතුරක් සිදු වුවහොත් එම දත්ත ලබාගෙන තිබීම නිසා ප්‍රතිකාර කිරිමට වඩා පහසු වන බවත් එම දත්ත ඉදිරියේදී පරිගනක ගත කිරිමට මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පියවර ගැනීමට කටයුතු කරනු ලබන බවත් විශේෂඥ වෛද්‍ය සර්ධා හේමප්‍රිය මහතා පැවසීය.


නර්තන කණ්ඩායම්වල දක්ෂතා හඳුනාගෙන එහි ප්‍රවීණයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සාදා අප රටේ සංස්කෘතිය ඉදිරියට රැගෙන යාමට එම ශිල්පින්ගේ මඟ පෙන්වීම යටතේ නව පරපුරට ලබාදීමට කටයුතු කිරිමට ක්‍රියාකරන බවද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසීය.


සියලුම නර්තන කණ්ඩායම් සඳහා නව ඇඳුම් ආභරණ නිර්මාණය කරනු ලබන බවත් ඒ සඳහා ලක්ෂ 50 ට අධික මුදලක් වැය වන බවත් දියවඩන නිලමේවරයා පැවසීය.



අදහස් (0)

ඇසළ පෙරහර මංගල්‍යයේ නර්තන ශීල්පීන් වෛද්‍ය පරික්ෂණයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site