(සුමතිපාල දීයගහගේ )
අසල්වැසියෙකුට ඇසිඩ් ගසා තුවාල සිදු කොට දහතුන් වසරක් තිස්සේ සැගවී සිටි හැට හැවිරිදි සිව්දරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.
තුවාලකරු සහ සැකකාරියද හික්කඩුව කලුපෙ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සුනාමියෙන් පසුව ආධාර වශයෙන් ලැබුණ පරිප්පු සහ පිටි තොගයක් විකිණීම සම්බන්ධයෙන් තුවාල ලැබු පුද්ගලයා සහ සැකකාරිය අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් 2005 මැයි මස 5 වන දින සැකකාරියගේ නිවස අසලදී ඇය සැගවී සිට මොහුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර ඇති බව පොලිස් පරික්ෂණවලදී
අනාවරණයවී ඇත.
ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව සැකකාරිය ගමෙන් පලා ගොස් ඥාතීන්ගේ නිවෙස්වල සිට වරින්වර හික්කඩුව කලුපෙ පිහිටි නිවසට පැමිණ දරුවන් පිළිබද සොයා බලා ආපසු ගොස් තිබේ.
මේ අතර පොලිසියට ලැබුණ තොරතුරක් මත සැකකාරිය එසේ නිවසට පැමිණ සිටින විට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අද (4) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇසිඩ් ගසා වසර 13 ක් සැඟවී සිටි කාන්තාවක් අත්අඩංගුවට
Pradeep Monday, 04 June 2018 08:42 AM
කොයි ලොව යන්නේ මරණින් පස්සේ, පින් පව් එනවා අපි පසු පස්සේ...