(ක.ග. කරුණාරත්න)
රජරට ජනතාවගේ ජල හිඟයට විසඳුම් ලැබෙන බව කී මොරගහකන්ද ජලාශය ඉදි කිරීමේ සිහිනය සැබෑවී ඇතත් ඇලහැර ගොවි ජනතාවගේ ජල ප්‍රශ්නය මේ වන උග්‍ර වී ඇතැයි ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ආනන්ද එදිරිසුරිය මහතා පවසයි.
“මොරගහකන්ද ඉදිකරන විට අප සිතුවේ එය ඇලහැරට ආශිර්වාදයක් වෙයි කියලා. නමුත් දැන් ඇලහැර අමුණේ සිට යෝධ ඇලේ වතුර බින්දුවක් එන්නේ නෑ. අපේ කුඹුරු වේලිලා. දැනට අක්කර අඩි 130 000ක් පමණ වතුර තියෙන මොරගහකන්ද ජලාශයෙන් අපිට වතුර මුර දෙකක් ලබා දෙන්න.“
“ඇලහැර වගාවන් වතුර නැතිව විනාශ වෙමින් තියෙනවා. බීමට ජලය ගන්නා ළිං පවා සිඳෙමින් පවතින්නේ. එනිසා ඇලහැර අමුණට අක්කර අඩි 500ක ප්‍රමාණයක් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටිනවා.“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
අද (25 වැනිදා) පැවැති පොලොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පැවසීය.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2358
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇලහැර ගොවීහු මොරගහකන්දෙන් වතුර ඉල්ලති
සෙනෙවි Tuesday, 25 April 2017 04:53 PM
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ පාරිසරික අගැයීම් කමිටුවේදී මෙම අනතුර පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා .එහිදී මහවැලි අමාත්‍යාංශය ,මහවැලි අධිකාරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් අත්සන් කර ඇලහැර අංගමැඩිල්ල අමුණුවලින් ජලය සැපයෙන ප්‍රදේශ වල ප්‍රවේණි අයිතිය රැකීමට අවබෝධතා ගිවිසුමකට එලඹුනා.එහි පිටපත් අදාල ආයතන වල තිබේ .එය උල්ලංඝනය කලොත් නීතිමය පියවර ගත හැකියි.
ආසිරිTuesday, 25 April 2017 07:14 PM
කරුණාකර මෙය ආනන්ද සෙනෙවිරත්න මහතා වෙත දැනුම් දෙන්න. නැත්නම් නිලධාරි පැලැන්තිය තීරණ ගන්නා විට කුඹුරු ටික පුරන් වෙලා තියෙයි. ස්තූතියි
සෙනෙවිFriday, 28 April 2017 03:33 PM
ආසිරි මහතානෙනි මෙම ගිවිසුමේ මුල් පිටපතක් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සතුව තිබේ .එකල ගිවිසුමට දිසාපති ලෙස අත්සන් කලේ කොටි බෝම්බයකින් අනතුරකට ලක්වූ රංජිත් මහතාය .වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙත් මහවැලි අධිකාරියේත් මධ්‍යම පරිසර අධිකාරියේත් මොරගහකන්ද පාරිසරික අගැයීම් අනුමැතියට අදාල ගොණුවල ඇත.ඔවුන්ව වග උත්තරකරුවන් කර නඩු පැවරුවොත් මෙම ගිවිසුම ඉදිරිපත් කිරීමට සිදුවේ .
de silva Wednesday, 26 April 2017 12:12 PM
ලංකාවේ ලොකු එකා ඇති වෙන්න බෙදාගෙන ඉතුරු වෙන දෙයක් පොඩි එකාට දෙන තියරි ඒක තමා හැමදාම ක්‍රියාත්මක වුනේ , මෙ ජලාශ ප්‍රශ්නෙදි අලුත්ම ලොකු ජලාශය පුරවල ඉතුරු වෙන දෙයක් තමා පොඩි ජලාශ වැව් වලට ලැබෙන්නේ. කුඹුරු පුරන් වෙන තරමට වී මෝල්කාරයන්ට වාසි, ගොවියන්ට පාරිභෝගිකයාට වඩා මේ දවස්වල වී මෝල්කාරයන්ට දේශපාලන බලතල වැඩි