(ඞී.කේ.රත්න)
ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ 2019 වර්ෂයේ අයවැය වාර්තාව අද (7) දෙවන වරට සභාවේ මාසික සභා වාරයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩි ඡන්ද දොලහකින් සම්මත විය.
ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති අමිල බස්නායක මහතා විසින් මෙම අයවැය වාර්තාව මාසික මහ සභාවට ඉදිරිපත් කර විවාදයට ගැනීමෙන් පසු සිදු කළ විවෘත ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 13 ක් සහ අයවැයට විපක්ෂව ඡන්ද එකක් ලැබුණු අතර ඇල්ල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් හත්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් වැඩි ඡන්ද 12කින් මෙම අයවැය වාර්තාව සම්මත විය.
ඇල්ල ප‍්‍රදේශීය සභාවේ එක්සත් ජනතා සන්ධාන මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු , එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් හත් දෙනෙකු සහ ස්වාධීන මන්ත‍්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ලබාදුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරයා අයවැයට විපක්ෂව ඡන්දය ලබා දුන්නහ.
ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් හත් දෙනාම මෙම අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල ප‍්‍රා.සභාවේ අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි