(ඩී. කේ. රත්න )
ඇල්ල හෙළ හල්පේ වලස්බැද්ද කඳුවැටියේ අද (29) අලුයම ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇතැයි ඇල්ල පොලීසිය පවසයි.
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම කඳුවැටියේ සිටින වන සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය පිණිස ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
ඇල්ල පාරිසරික සංවේදී කලාපයේ පිහිටි මෙම කඳුවැටියට ගිනි තැබීම නිසා මෙහි ඇති වටිනා ශාක විශේෂ රැසක්, ඖෂධ පැළෑටි සහ සත්ව විශේෂ ද ගින්නට හසුවීමෙන් විනාශවන්නට ඇතැයි පරිසරවේදීහු කියති.
අලුයම් කාලයේ ඇතිවූ මෙම ගින්න උදැසන වනවිටත් පැතිරීයමින් පවතින අතර එය නිවා දැමීම සඳහා ඇල්ල පොලීසිය සහ දියතලාව යුධ හමුදා කඳවුරේ යුධ හමුදා නිලධාරීහු කටයුතු කරමින් සිටිති.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්ල කඳුවැටියක ගින්නක්
akila Tuesday, 29 January 2019 04:33 AM
දැන් කට්ටිය පිස්සුවෙන් වගේ ලංකවේ ප්‍රසිද්ද කඳු මුදුන්වල කුඩාරම් ගහගෙන නවතිනවා , මෙගොල්ලොන්ගෙන් පරිසරයට ලොකු විනාශයක් වෙයි ඉදිරියට