ජයන්ත නානායක්කාර
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අද (6) හදිසි ගින්නක් හටගත් බව ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ වෛද්‍ය අධිකාරී නේපුල් ධර්මතිලක මහතා පැවසීය.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න විදුලි පද්ධතියේ හටගෙන ඇති අතර හදිසි අනතුරු ඒකකයේ ප්‍රධාන විදුලි සැපයුම ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මෙම ගිනිගැනීමත් සමඟ හදිසි ප්‍රතිකාර ඒකකය තුළ දුමින් පිරී ගොස් ඇත. මෙම අවස්ථාවේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් හැරුණු විට රෝගීන් කීපදෙනකු සිටි බව වාර්තාවේ.
අනතුරින් වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය හෝ රෝගීන් කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුවී නොමැත.
සිද්ධිය වන අවස්ථාවේ වෛද්‍යවරු හෙද හෙදියන් හා කාර්ය මණ්ඩලය එක්ව මෙම ගිනීගැනීම පැතිර යෑම වළක්වා ගෙන ඇත.
එම අවස්ථාවේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් වෙනත් කටයුත්තක් සඳහා රෝහලට පැමිණ සිටි අතර එම භට පිරිස ගින්න මැඩපැවැත්වීම සඳහා පූර්ණ මැදිහත් වීමක් කළ බව රෝහල් කාර්ය මණ්ඩලය පැවසීය.
මේ හේතුවෙන් මේ වන විට ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඹිලිපිටි දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ගින්නක්