(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඊයේ(09) ගාල්ල නගරයේ සංචාරයක නිරත විය. උදෑසන ගාල්ල නගරයට පැමිණි ඒ මහතා ශ්‍රි ලංකාවේ ප්‍රථම ඇමරිකානු තනාපති ලෙස කටයුතු කල ජෝන් බ්ලැක් මහතාගේ සොහොන පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන භූමිය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වන ලදී.
අතුල් කේෂප් මහතා ගාල්ල කොටුව ඕලන්ද රෙපරමාදු දේවස්ථානය හා මීරා ජුම්මා පල්ලියේ සංචාරයක ද නිරත විය.
සන්ධ්‍යාවේ ගාල්ල කොටුව උසාවිය අසල මහජන පරිශ්‍රයේ පැවති ඇමරිකානු නාවික හමුදා සංගීත කණ්ඩායම හා ශ්‍රි ලංකා නාවික හමුදා සංගීත කණ්ඩායම එක්ව ඉදිරිපත් කල සංගීත සංදර්ශනය නැරඹිමට ද සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා විදේශීය සංචාරයකයින්, ඇමරිකානු හා ශ්‍රිලංකා නාවික හමුදා සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 04
685
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකානු තානාපති ගාල්ලේ නිල සංචාරයක