IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇබොස්ලි වතු යායේ ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක පිරිස් තාවකාලික නැවතුමකට

(රංජිත් රාජපක්ෂ  )
                                             
හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියේ ගිනිගෙන විනාශ වි වතු නිවාස 10 ක පවුල් 14 කට අයත් සමාජිකයන් 36 දෙනෙකු සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේදයට අනුව එම වතු යායේ හින්දු කොවිලේඋත්සව ශාලාවේ තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බව හැටන් මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපහන මහතා පැවසිය.
 
එම වතු නිවාස පේලියේ එක් නිවසක වතු කම්කරු පවුලක් විසින් දෙවියන්ට දැල් වු පහනක ගින්න තිර රෙද්දට ඇවිලි පසුව ගින්න වහල මතට ඇවිලි සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවයි ගින්න පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියයි.
 
එම වතු නිවාස පේලියේ පදිංචි වතු කම්කරුවන් නිවාස වල සිවිලිම මත තේ දර එක්රැස් කර තිබිම නිසා ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව  දැනට කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත.
 
පැතිර යමින් තිබු ගින්න එම වතු යායේ වතු කම්කරුවන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව පාලනය කරමින් සිටින අතරතුර හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින්ගේද සහ ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහයෝගය ලැබි තිබුණි.
 
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් ඔහුන්ගේ අත්‍යවශ්‍යය ලියකියවිලි සහ පෞද්ගලික බඩු බාහිරාදිය ගින්නෙන් සහ ගින්න පාලනය කිරිමට යාමෙන් විනාශ වි ඇත.
 
ගින්නෙන් අවතැන් වුවන් අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 18 දෙනෙකුත් එ අතර කුඩා ළමුන් 16 දෙනෙකුත්  සිටින බවයි පොලිසිය කියා සිටියේය .
 
පැතිර ගිය ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් අවතැන් වුවන් සදහා ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දිමට අපදා කලමණාකරණ ඒකකය ,ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය , වතු පාලන අධිකාරිය සහ දේශපාලන අධිකාරිය මේ වන  විට කටයුතු කර ඇත.

 



අදහස් (0)

ඇබොස්ලි වතු යායේ ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක පිරිස් තාවකාලික නැවතුමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14176 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site