( තිලකරත්න දිසානායක.)
කන්ටේනර් ප්‍රවාහනය පිනිස වරාය පරිශ්‍රයට යාම සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් මත් කුඩු ප්‍රවාහනයේ යෙදුනු බව කියන රියදුරෙකු සහ කුඩු අලෙවි කළ අයෙකු මල්වතුහිරිපිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 900 ක ප්‍රමාණයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව එම පොලිස්ථානයෙහි උසාවි කටයුතු අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.රණවීර මහතා පැවසීය.
පොලීසියට ලැබී ඇති තොරතුරක් මත කිඹුල්ගොඩ සහ අස්ගිරිය යන ප්‍රදේශයන්හි පදිංචි 49 සහ 32 හැවිරිදි මෙම පුද්ගලයින් දෙදෙන අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී රියදුරා වරායට ගොස් පැමිණීමේදී පෑලියගොඩ ප්‍රදේශයෙන් මත්කුඩු රැගෙන විත් අලෙවි කිරීම පිණිස අනෙක් පුද්ගලයාට ලබාදෙන බව අනාවරණයවී තිබේ.
මොවුන් දෙදෙනා මත් කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බවද හෙළිවූ බවද පොලීසිය සදහන් කරයි.
මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රණවීර මහතා විසින් මොවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳිරි නීති බලපත්‍රයක් අවභාවිත කරමින් මත්කුඩු ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට