අනීෂා මානගේ
ඇඳිරිනීතිය ලිහිල් කළද වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් සතිපොළ හතරක් වසා දැමීමටත් මාර්ග දෙපස සිදුකරන වෙළදාම් නතර කිරීමටත් පියවර ගත් බව වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතා පැවසීය.
වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීරකැටිය, වලස්මුල්ල, මොරයාය සහ මීගස්ආර සතිපොළවල් හෙට(28) දින සිට තාවකාලිකව වසා දැමීමටත් බල ප්‍රදේශයේ මාර්ග දෙපස සිදුකරන වෙළදාම් නතර කිරීමටත් තීරණය කළ බව සභාපතිවරයා කියයි.
වීරකැටිය මීගස්ආර ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු ඊයේ(26) හඳුනාගත් අතර ඔහු විශාල පිරිසක් ආශ්‍රය කර ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගත් බවද සභාපතිවරයා කීය.
ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජංගම රථවලින් නිවෙස්වෙතට ගෙන ගොස් ලබා දීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සාකච්ඡා කරන බවද සභාපතිවරයා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය ලිහිල් කළත් වීරකැටියේ සතිපොළ 4ක් වහයි