IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇන්ටනාව සවිකරන්න ගිය පිය-පුතු විදුලිසැර වැදී මරුට


 
(රොමේෂ් මධුෂංඛ)


යාපනය වඩමාරච්චි කරණවායි ප්‍රදේශයේදී නිවසක ඇන්ටනා වයරයක් සවි කිරීමට ගිය පිය පුතු දෙපළට විදුලි සැර වැදී අද (23) උදෑසන මිය ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය කියයි.


කරණාවායි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි නිවසක පියා සහ පුතා විසින් පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇන්ටනාව වෙනස් කර වයරය සවි කිරීමට යාමේදී නිවසේ ඇද තිබූ විදුලි රැහැනක පලුදු වූ ස්ථානයකින් පළමුව පුතාට විදුලිසැර වැදී ඇති අතර පසුව පියා විසින් පුතාව බේරීමට යාමේදී පියාටද විදුලි සැර වැදී පියා පුතු නිවස තුළම මිය ගොස් සිටි බවට පරික්ෂණ සිදු කළ නෙල්ලියඩි පොලීසිය පවසයි.


මෙසේ විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ කරණවායි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පියාවූ ජෙගනාන්දන් හා 29 හැවිරිදි පුතා වූ සංජීවන් නැමති අය වේ.



අදහස් (0)

ඇන්ටනාව සවිකරන්න ගිය පිය-පුතු විදුලිසැර වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site