IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ආරච්චිකට්ටුව ප්‍රා.සභාව උණුසුම් තත්ත්වයක්

( ලලිත් නවරත්න)
 
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මාසික රැස්විම අද ( 09)  දින පැවති අවස්ථාවේ කෙරෝනා ජාතික අරමුදල වෙනුවෙන් සියලු රජයේ නිළධාරීන්ගෙන් වැටුප්  කපාගැනීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු  නැගූ වෝදනාවත් සමග සභාව ගැටුමක් ඇතිකරගැනීම දක්වා උණුසුම් විය. 
 
මෙම මාසික රැස්වීම සභාපති කන්දසාමි තෙච්චනාමූර්ති මහතාගේ  ප්‍රධානත්වයෙන් එම ප්‍රාදේශී සභා ශ්‍රවණාගාරයේදී පැවත්වීය.
 
 මෙම චෝදනාව ඉදිරිපත් කරනු ලැබුවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ  එ. ජා. ප  මන්ත්‍රී ආර්. පී. විජේතුංග මහතායි.
 
එහිදී ඔහු පවසා සිටියේ මේ වසංගත කාලයතුළ රුපියල් 5000 දීමනාවත් නොලබපු රජයේ සේවකයින් ලයිට් බිල්ල  ජලබිල්ල  ණයවාරිකල  කෑමබිම ඇතුලු සියලු වියදම් දැරියයුතු බවයි.

අමතර ආදායමක්ච නොලබන එම සේවකයින් අසරණ වී ඇති අවස්ථාවක මෙවන් මුදලක් කපා ගැනීම අසාධාරණ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
 
තවද එ.ජා.ප සියුල මන්ත්‍රීවරුන් වරියන් සහ ජ. වි. පෙ. මන්ත්‍රීවරයා මෙම ආධාර මුදල තම වැටුපෙන් කපා නොගන්නා ලෙසටද ප්‍රාදේශිය ලේකම්වරිය වෙත ලිපියක්ද ඉදිරපත් කළබව එම ලේකම්වරිය සභාව  හමුවේ පවසා  සිටියාය. 
 
එම චෝදනාවට විරුද්ධදව අදහස් දැක්වූ කෝපයට පත් ජගත් සමන්ත පෙරේරා ප්‍රමුඛ සියලුම පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු පවසා සිටියේ කිසිම රාජ්‍ය නිළධාරියෙකුගෙන් බලයෙන් මුදල් කපා නොගත් අතර එම  මුදල සිය කැමැත්ත මත පමණක් ලබාගත් බවයි.  අවසානයේ එක්දිනක වැටුප පමණක් කපාගැනීමට එ. ජා. ප කණ්ඩායම එකඟතාවය පළකිරීමෙන් අනතුරුව තෙපක්ෂයම සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගන ගියේය.
 



අදහස් (0)

ආරච්චිකට්ටුව ප්‍රා.සභාව උණුසුම් තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2413 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site