IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අසාධ්‍ය දරුවන් කරාපිටියට ගෙනියන්න විශේෂ ගිලන් රියක්

  (ජේ.කේ.එල් චාමින්ද)


දකුණු පළාතේ වෙනත් රෝහල්වල සිට දැඩි අසාධ්‍ය  තත්වයේ පසුවන ළදරුවන් කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයට ගෙන එම සඳහා   සියලු පහසුකම් වලින් යුත් විශේෂිත ගිලන් රථයක් මේ දිනවල  සුදානම් කරමින් පවතින බවත් ඉදිරි සති දෙක තුළ  එම ප්‍රවාහන සේවාව ආරම්භ කරන බැව කරාපිටිය රෝහලේ  ළදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රධානි ළමා රෝග පිළිබද  විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි මහත්මිය සදහන් කළාය.


  මේ සම්බන්දව විශේෂ පුහුණුව ලැබු වෛද්‍යවරු හෙදියන් ඇතුළු කණ්ඩායමක් අදාල රෝහල වෙත ගොස්  අසාධ්‍ය තත්වයේ පසුවන ළදරුවන්  මෙම  විශේෂිත ගිලන් රථයකින් කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාරක ඒකකය වෙත රැගෙන එමට කටයුතු කරන  බවද  විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි මහත්මිය පැවසුවාය. 

 මේ පිළිබද අදහස් දක්වමින් ඇය මෙසේද කිවාය.


   ‘අසාධ්‍ය තත්වයේ පසුවන  ළදරුවන් ප්‍රවාහනය කරනු ලබන  විශේෂ ක්‍රමයක් විදියට අපටමෙය  හඳුන්වා දෙන්න පුළුවන්.  අසාධ්‍ය තත්වයේ ළදරුවකු සිටින විට සාමන්‍ය යෙන් කරන්නේ ඒ රෝහලේ ගිලන් රථයකින් ළදරුවා කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාරක ඒකකය වෙත රැගෙන ඒමයි. මේසේ ළදරුවා  රැගෙන එන අතරතුර කාලයේ දි  ළදරුවා සිතල වෙන්න පුළුවන් ,ඔක්සිජන් අඩුවෙන්න  පුළුවන්,සිනි මට්ටම පහළ  ගිහින්  ගොඩක් දේවල් සිදුවෙන්න පුළුවන්.

රෝහලක ඉන්නකම් විතරයි ළදරුවාට ආරක්ෂාව තියෙන්නේ. නමුත් මේ තුළින් කරන්නේ මේ සම්බන්දව පුහුණුව ලැබු වෛද්‍ය කණ්ඩායමක් අදාල රෝහල වෙත ගොස්  ළදරුවාට අවශ්‍ය ප්‍රථිකාර කරලා  විශේෂිත ගිලන් රථයෙන් කරාපිටිය රෝහලේ ළදරු දැඩි සත්කාරක ඒකකයට රැගෙන ඒමයි. මේ ගිලන් රථය  ජංගම දැඩි සත්කාරක ඒකකයක් වගේ.. සියලු පහසුකම් තියෙනවා


 එංගලන්තයේ  ඉදලා වෛද්‍ය කණ්ඩායමක් ඇවිත් මේ සම්බන්දව අපට පුහුණුවක් ලබාදුන්නා. අපේ  ළදරු දැඩිසත්කාර ඒකකයේ  වෛද්‍යවරු හෙදියන් ඇතුළු කණ්ඩායමක්  අදාල රෝහලට ගොස්  ළදරුවා නිරික්ෂණය කරලා අවශ්‍ය ප්‍රථිකරා ලබාදිලා  හොඳ  තත්වයෙන්  ළදරුවා  අපේ ළදරු දැඩි සත්කාරක ඒකකය වෙත රැගෙන එම මෙහි අරමුණ බවද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි මහත්මිය සදහන් කළාය.


 



අදහස් (0)

අසාධ්‍ය දරුවන් කරාපිටියට ගෙනියන්න විශේෂ ගිලන් රියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site