(නිහාල් ජයවීර)
වල් අලින්ගෙන් මුං වගා බිමක් ආරක්ෂා කරගැනීම සඳහා අනවරස විදුලිය බලය කම්බියක ගැටි මියගිය දෙදරු පියකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ ගල්ගමුව ,අලුත්හේහේරත්ගම , මොට්ටපෙත්තෑව පාර , ලිපිනයේ පදිංචිව සිටි බී .එම් . සේමසිංහ නමැති පනස් හය වැනි වියෙහි පසු වු දෙදරු පියා බව පොලිසිය පවසයි .
මේ ගොවි මහතා මොට්ටපෙත්තෑව කුඹුරු යායේ මුං වගාවක් සිදු කොට ඇති බවත් , වල් අලීන් ඇතුළු සතුන්ගෙන් වගා බිම රැක ගැනීමට ඒ වටා බයින්ඩීන් කම්බි ඇද ඊට විදුලිය බලය සම්බන්ධ කොට ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .විදුලිය බලය සපයාගෙන ඇත්තේ වගා බිමේ සිට මීටර් 75ක් පමණ දුරකින් වු පාළු නිවසකින් බවත් පොලිසිය කියයි .
ඔහුගේ බිරිඳ විදෙස් ගතව සිටින බව ද , උදේ කුඹුරට ගිය අය රාත්‍රීවන විටත් නොපැමිණීම නිසා ඒ සම්බන්ධයෙන් සොයා බලද්දී මුං වගා බිමේ තිබූ සිරුර ඥාතීන් සොයා ගෙන ඇති බව පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් සතාව මරන්න හදපු කෙනාට කර්මය පඩිසන් දුන්නා...
මේ තමා ඈත ගම්වල ජීවත් වෙන දුප්පත් ගොවීන්ගේ ජීවන අරගලය සහ ඔවුන්ගේ අවාසනාවන්ත ඉරණම.