IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අලියකු පහරදීමෙන් ගොවියෙක් මරුට

. කරුණාරත්න
පොලොන්නරුව, කලහගල 8 ඇළ ප්‍රදේශයේදී අද (07) අලුයම 3.30 ට පමණ අලියෙකු පහරදීමෙන් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.


එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ කලහගල පදිංචි එම්.ඒ සමන් කුමාර නැමැති 38 හැවිරිදි ගොවි මහතෙකි.


අස්වැන්න නෙළීමට ආසන්න තත්වයේ පවතින තම කුඹුර වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා රාත්‍රී කලයේ පැල් රකිමින් සිට ආපසු නිවෙස බලා එමින් සිටියදී අතර මඟදී අලියා පහරදී ඇති බව පොලිසිය සිදු කල විමර්ශණවලදී හෙළිවී ඇත. එම අවස්ථාවේ මෙම පුද්ගලයා සමඟ පැමිණි බව කියන ටවත් ගොවීන් තිදෙනෙකු දුව ගොස් දිවි බේරා ගෙන ඇතැයිද කියති. පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

අලියකු පහරදීමෙන් ගොවියෙක් මරුට

naradha Saturday, 07 April 2018 10:13 AM

මේ අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ දුප්පත් ගොවීන්ගේ පැත්තයි. මෙයට ප්‍රධාන හේතුව නම් අද වැඩිවී තිබෙන වල් අලි ජනගහණයයි. මීට පිලියමක් ලෙස රටේ හැකියාවක් ඇති අයවලුන්ට අලින් ඇති කිරීමට ඉඩ දිය යුතුයි. මෙවැනි අදහස් වලට විරුද්ධ වන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමර වල සිටින අයවලුන් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site