(පැතුම් දර්ශන)
හොරොව්පොතාන වස්සල්ලාගම ප්‍රදේශයේ ගෙවත්තක ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් මියගිය වල් අලින් දෙදෙනෙකු ට්‍රැක්ටරයකින් කැලෑවකට ගෙන ගොස් දමා සිද්ධිය වසන් කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද (30) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන වස්සල්ලාගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දෙදරු පියෙකි.
මොහු සිය නිවස අවට පිහිටි ගෙවත්ත ආවරණය වන පරිදි මෙම විදුලි රැහැන් ඇද තිබූ බවත් ඉකුත් (25) වැනිදා රාත්‍රීයේ මෙම වල් අලින්ට විදුලි සැර වැදී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
පසුව මියගිය වල් අලින් දෙදෙනා ට්‍රැක්ටරයක පටවාගෙන නිවසේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුර කැලෑවකට ගෙන ගොස් දමා තිබේ.
මෙම සිද්ධියට තවත් පුද්ගලයන් තුන්දෙනෙකු සම්බන්ධ බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
මියගිය අලින් ප්‍රවාහනය කිරීමට යොදාගත් ට්‍රැක්ටරය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය කළ දැනුම්දීමෙන් පසු එම ස්ථානයට පැමිණි වනජීවී පශූ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් මියගිය අලින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය.
මියගිය අලින් දෙදෙනාගේ වයස අවුරුදු 12 ත් 22 ත් අතර වන බවත් අලින් දෙදෙනා උස අඩි 6 ත් 7 ත් අතර වන බවත් පශූ වෛද්‍යවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (31) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පොලිසිය සඳහන් කළේය.


2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
885
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අලින් දෙදෙනෙකුගේ මියයාම වසන් කළ අයෙක් අත්අඩංගුවට
Akila Monday, 30 December 2019 02:24 PM
හරිම කණගාටුයි. ඉතිරිවෙලා ඉන්න අලි 5000 ත් තව අවුරුදු කිහිපයක් යනකොට මරලම ඉවරකරලා දාවි.