IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අලින්ගේ කලහයට එරෙහිව කලහගල වැසියෝ වීදි බසිති

ක.ග කරුණාරත්න 
 
පොළොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අලියකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියයාමෙන් පසු ඔහුගේ අවමඟුල් කටයුතු සිදුකෙරුණු අද(08) පස්වරුවේ ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. 
 
කලහගල පදිංචි 38 හැවිරිදි ගොවියෙකු වන එම්.ඒ සමන්කුමාර යන අය තම කුඹුරේ පැල් රැකීමට ගොස් ආපසු සිය නිවෙස බලා එමින් සිටියදී ඊයේ(07) අලුයම 3.30 ට පමණ වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වී එම ස්ථානයේදීම මරුමුවට පත්විය. 
 
අද(08) පස්වරුවේ ඔහුගේ  දේහය සහිත මිනී පෙට්ටිය පොලොන්නරුව, කලහගල ප්‍රධාන මාර්ගය වෙත රැගෙන විත් වන අලි තර්ජනයට විසඳුම් ලබාදෙන්නැයි වගකිවයුත්තන්ට බලකරමින් උද්ඝෝෂණයේ නිරත වූහ.



අදහස් (3)

අලින්ගේ කලහයට එරෙහිව කලහගල වැසියෝ වීදි බසිති

බද්රානි Sunday, 08 April 2018 01:31 PM

අනේ! ඒ අහිංසක අලියට මුකුත් කරදරයක් වෙලා නැද්ද? අපේ රටේ වන සතුන්ට ලොකු වටිනාකමක් තියනවා කියලා අපිට මීට ටික කලකට කලින් අපට හිතන්න හුරු පුරුදු කලේ මේ රටේ ජන මාධ්‍යය තමයි.

:       1       1

naradha Sunday, 08 April 2018 04:51 PM

මේ අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ දුප්පත් ගොවීන්ගේ පැත්තයි. මෙයට ප්‍රධාන හේතුව නම් අද වැඩිවී තිබෙන වල් අලි ජනගහණයයි. මීට පිලියමක් ලෙස රටේ හැකියාවක් ඇති අයවලුන්ට අලින් ඇති කිරීමට ඉඩ දිය යුතුයි. එසේත් නැත්නම් ඉල්ලුමක් ඇති පිට රටවලට මේ අලින් අලවා අපනයන කල යුතුයි. මෙවැනි අදහස් වලට විරුද්ධ වන්නේ නගරබදව වායු සමීකරණය කරන ලද කාමර වල සිටින අයවලුන් පමණි.

:       0       5

KumarMonday, 09 April 2018 01:41 AM

ඔය අදහස හරියටම අලි බන්ධනාගාරයට නියම කරනවා වගේ නේද? කිසිම නිදහසක් නැතිව පොඩි ඉඩමක දම්වැල් බැඳ තබන එක හොඳද. ගම්මු කිසිමතැකීමක් නැතිව කැලේ එලි කිරීමේ විපාකය තමා ඒ . අලි තමා ඒ පැත්තේ කලින් ජීවත්වුණේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site