(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (28 ) වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා සැසි වාරයේදී සභාපති සමන්ත මුණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
අරුවක්කාඩු කසල අංගනය ඉදිවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අවස්ථා ගණනාවක කසල අංගනයට දැඩි විරෝධයක් මතුව තිබුණත් නීත්‍යානුකූල අයුරින් එම කසල අංගනයට විරෝධය මතුව සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එම යෝජනාව සම්මත විය.
ඡන්ද විමසීමේදි සභාපතිවරයා කසල අංගනයට විරෝධය මතු කරමින් ගෙන ආ යෝජනාවට මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පක්ෂව ඡන්දය භාවිතා කළ අතර හෙල උරුමය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ඇතුළුව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා ගෙන ආ යෝජනාවක් සම්මත වෙයි