(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ දී විවිධ අක‍්‍රමිකතා සිදුකළැයි කියන අරණායක ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හා ප‍්‍රාදේශීය සභාවේ සේවය කළ කාර්මික නිලධාරීන් (ටීඕ) සිව්දෙනකු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
2010 වසරේදී අරණායක මාර්ග 08 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය විසින් වෙන් කළ මුදල් අදාල කොන්ත‍්‍රාත්කරුවන් සමඟ එක්ව අවභාවිතා කිරීම නිසා එම මාර්ගවල ඉදිකිරීම් කටයුතු නිසි පරිදි සිදු නොවී ඇති බවට මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එක් මාර්ගයක් ඉදිකිරීමේදී රුපියල් ලක්ෂ 6 කට වැඩි මුදලක් අවභාවිතා වී ඇති බව අනාවරණය වී තිබේ.
එම අක‍්‍රමිකතා පිළිබඳව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් කරනු ලැබූ විමර්ශණකයදී අනාවරණය වී ඇති තොරතුරු අනුව එම නිලධාරීන් කොන්ත‍්‍රාත්කරුවන්ගේ ඕනෑ එපාකම් මත එම මාර්ග ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇති බවට හෙළි වී තිබේ.
චොදනා ලැබ සිටින නිලධාරීන්ගෙන් එක් අයකු දැනට විශ‍්‍රාම ගොස් සිටියි.
මෙම නිලධාරීන් සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් පරීක්ෂණ පැවැත්වේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අරණායක කාර්මික නිලධාරීන් හතරක් ගැන පරීක්ෂණ
pakeer ali Saturday, 02 September 2017 03:21 AM
නුසුදුසු දේශපාලන පත්වීම් අරගත් අයගෙන් මීටවඩා දෙයක් කරගන්ඩ පුළුවන් ද?
nalin Saturday, 02 September 2017 11:44 PM
මුළු රටේම ඉන්න කාර්මික නිලධාරීන් ගැන ඇහැ අහගෙන සිටිය යුතුයි. ප්ලෑනක් තාප්පයක් පාස් කර ගන්න ගියාම වෙනදේ දන්නවානේ