IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’

 

 

 

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

පුත්තලම නගරයේ ගංවතුර බැස නොයෑමේ ගැටලුවට මුල් වූ අයි. ඩී. එච්. ඇළ පිරිසිදු කර නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට නගර සභාවෙන් කටයුතු කර තිබුණ ද ඇළ දෙපස අනවසරයෙන් බැඳ ඇති තාප්ප බාධාවක් වී ඇතැයි පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා පවසයි.

පුත්තලම නූර් නගර් දුම්රිය ස්ථානයේ සිට පුත්තලම කලපුව දක්වා කිලෝ මීටර් පහකට වැඩිදුරක් දිවෙන මෙම අයි. ඩී. එච්. ඇළ සකසා තිබුණේ වැසි සමයේ දී ගලා එන ජලය අවට ගම්මානවලට බාධා රහිතව කලපුව දක්වා ගලා යාමට යි.  

නමුත්  කිසිදු නඩත්තුවක් නොකිරීම හේතුවෙන්  ඇ‍ළේ ඇතැම් ස්ථාන ගොඩවීමටත් ඇතැම් තැන් ජලය රැඳී මැසි මදුරු වාසභවනක් බවට පත්වීමටත් පටන්ගෙන ඇතැයි ජනතාව පවසති.

මෙම අයි. ඩී. එච්. ඇළ වසර 50 ක කාලයක් කිසිදු සංවර්ධනයකට ලක් නොවිණි. ඒ නිසා පුද්ගලයින් කිහිපදෙනෙකු ඇළේ ඇතැම් කොටස් අනවසරයෙන් අල්ලාගෙන තාප්ප ඉදි කර තිබේ. එබැවින් ඇළේ ගලා යන ජලය නැවතී ඇති බව ජනතාව චෝදනා කරති. මේ වන විට ඇළේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇතත් එයට බාධා එල්ල වන්නේ ඇළ අනවසරයෙන් අල්ලාගෙන තාප්ප ගසා ගෙන සිටින කිහිප දෙනෙකුගෙන් පමණක් බව ද ඔවුහු කියා සිටිති.

සෑම ගංවතුර සමයකදී ම අයි. ඩී. එච්. ඇළ පිටාර ගැලීම නිසා පුත්තලම නගර සීමාවේ පිහිටි කොස්තා මාවත, ආනන්ද මාවත, පෙස්ටස් පෙරේරා මාවත, ජය මාවත හා අයි. ඩී. එච්. මාවත් තුළ පදිංචි පවුල් 200 කට වැඩි පිරිසක් මාසයකට අධික කාලයක් පීඩාවට පත්වන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ එම්. ඒ. මංජුලා දිල්රුක්ෂි මහත්මිය,

 “ මේ ඇළ හදද්දි මගේ නිවස පිටුපස තාප්පය සම්පුර්ණයෙන් කඩා දමන්න සිදු වුනා. නමුත් කිසිම දෙයක් නොකියා එයට සහාය දුන්නා. මොකද මේ ඇළේ වතුර ගං වතුර කාලවලදි පිටාර ගලද්දි මාස ගාණක් අපි දුක් විදිනවා. ඒ නිසා මේ තාප්පය කැඩුනා කියලා මම ගැටළුවක් ඇති කර ගත්තොත් මේ පාරත් ගං වතුරට අපිට ගෙවල් අතහැරලා යන්න වෙනවා” යැයි ඇය පැවසිය.

  ඉවොන් මේරි මහත්මිය ද අදහස් දැක්වුයේ මේ ආකාරයටය.

 “ මේ ඇළ අපි දන්න කාලයකින් සංවර්ධනය කරලා නැහැ. මැස්සෝ මදුරුවෝ පිරිලා. ඒ නිසා ඇළ කපන්න පටන් ගත්ත එක සතුටට කරුණක්. නමුත් සමහරු ඇළ අල්ලාගෙන තාප්ප ගහලා ඇළ හදන්න දෙන්න බැහැ කියනවා. පවුල් 200 ක් විතර විඳින පීඩාව නවත්වන්න නම් ඇළ හදන්නම ඕනා. ”

 ඇළ හරස් කරමින් තාප්පය  ඉදි කර ඇති  කාන්ති බණ්ඩාරනායක මහත්මිය එම ස්ථානයට පැමිණ ඇළ සැකසීමට විරෝධය මතු කිරීමත් සමඟ ජනතාව මෙම කාන්තාවට විරෝධය පා තිබිණි.

 

 



අදහස් (0)

‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31764 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14221 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11145 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 213 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1149 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site