(රංජිත් රාජපක්ෂ)
අඹේවෙල කිරිපිටි කර්මාන්ත ශාලාවකට එරෙහිව සෙනසුරාදා (30) පැවැති උද්ඝෝෂණයේදී එම කර්මාන්ත ශාලාවේ විදුලි බුබුළුවලට හානි සිදුවී ඇතැයි පවසමින් එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු අද (01) පටිටිපොළ පොලිසියට පැමිණිලි කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ති‍්‍ර සමන්ත විද්‍යාරත්න හා සමස්ත ලංකා ගොවි ජන සංගමයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න යන මහත්වරුන් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
නරක් වු දියර කිරි ඇළ මාර්ගයට මුදාහැරියේ යැයි පවසමින් එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
මේ සම්බන්ධයෙන් ග‍්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පි. හැරිසන් මහතා පැවසූවේ එම කම්හලට අලාභ හානි සිදුකිරිම සම්බන්ධයෙන් දැඩි නිතිමය පියවර ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් පටිටිපොළ පොලිසියට ලද පැමිණීල්ලක් මත පරික්‍ෂණයක් ආරම්භ කර ඇති බව නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අඹේවෙල කම්හලට හානි කළැයි පැමිණිල්ලක්