වසන්ත චන්ද්‍රපාල
අම්පාර දිස්ත්‍රික්කයේ සිටින මිනීමරු වනඅලි සිව් දෙනෙකු නිසා ප්‍රදේශයේ ජනතාව තම දෛනික රාජකාරි කටයුතු කිරිමට නොහැකිව සිටින බව ගම්වැසියෝ කියති .
මෙම මිනීමරු අලි සිව්දෙනා විසින් පසුගිය මාස දෙක ඇතුළත 6 දෙනෙකු මරා දමා තිබේ. අම්පාර පානම ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු ද, අම්පාර හිමිදුරාව ගම්මානයේ දෙදෙනකු ද, පන්නල්ගම කුමන ප්‍රදේශයේ එක් අයකු ද, අම්පාර නවගම්පුර ප්‍රදේශයේ තවත් අයකු ද මෙසේ ඝාතනය කර තිබේ.
මෙම මිනීමරු අලි සිව් දෙනා පානම,හිමිදුරාව,අම්පාර සහ පන්නල්ගම ප්‍රදේශවල සැරි සරමින් සිටින බව ගම්වැසියෝ කියති. සමහර අවස්ථාවල මිනිසුන් පසුපස හඹාගෙන යන නිසා වගා කටයුතු ඇතුළු දෛනික කටයුතු වලට යෑමට නොහැකි තත්වයක් උදාවී තිබේ.
මිනිස් ජීවිත මෙන්ම දේපොළ සහ වගාවන් හානි කිරිම නිසා ගොවි ජනතාව ජීවත්විමේ අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔවුහු පවසති. අම්පාර උහන කුමාරිගම ප්‍රදේශයේ කිරි වැදෙන ගොයම් අක්කර 10 ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බව ගල්ඔය වම්ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සී.එච්.කුමාර මහතා පැවසිය.
මෙම ගැටලුවලට පිළියමක් යොදන ලෙසට ඉල්ලා සිටියත් වනජීවි දෙපාර්මේන්තුව එයට පිළියමක් නොයදන නිසා ඉදිරියේ දී ජනතාව සමඟ පාරට බහින බවද සභාපතිවරයා පැවසිය.



2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පාරේ මිනීමරු අලි සිව් දෙනාගෙන් ගම්වැසියන්ට කරදර