(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පූජනීය ස්ථාන නැරඹිමට පැමිණෙන සංචාරකයන් සදහා පැරණි ටිකට් අළෙවි කර මුදල් වංචා කිරිමේ සිද්ධියකට අභයගිරිය ව්‍යාපෘති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු අත් අඩංගුවට ගැනිම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර පොලිසිය කියයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අභයගිරිය ව්‍යාපෘති කාර්යාලයේ ආරක්ෂක නිලධාරියෙකු විසින් මෙම සංචාරකයන් සඳහා අලෙවි කරනු ලබන ටිකට්පත් වංචනිකව අලෙවි කර මුදල් වංචා කරන බවට අභයගිරිය ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පොලිසිය මෙසේ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
අභයගිරිය ව්‍යාපෘති කාර්යාලයේ නියෝජ්‍ය අධික්ෂකවරියට ලද තොරතුරක් මත සැකකාර ආරක්ෂක නිලධාරියාගේ ත්‍රි රෝද රථය පරික්ෂා කළ අවස්ථාවේදි ටිකට්පත් 35 ක් හමුවි තිබුණි.මෙම ටිකට් පතක මිල රුපියල් 3975.00 කි.
මෙම ටිකට්පත් අලෙවි කිරිමට සංස්කෘතික අරමුදල මගින් නිලධාරින් පත් කොට ඇති අතර ආරක්ෂක නිලධාරින්ට ටිකට්පත් අලෙවි කිරිම තහනම් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයේ පදිංචි සැකකාර ආරක්ෂක නිලධාරියා මේවන විට අතුරුදන්වි ඇතැයි පොලිසිය කියයි.
මෙම ටිකට්පත් කුමන ආකාරයෙන් ආරක්ෂක නිලධාරියා අතට පත් වුයේ දැයි සොයා බලන බවත් සැකකරු කඩිනමින් අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බවත් මේ පිළිබඳව පරික්ෂණ පවත්වන අනුරාධපුර පොලිසය සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ’පුරේ සංචාරකයන්ගෙන් මුදල් වංචා කළ ආරක්ෂක නිලධාරියා ගැන පරික්ෂණ