(උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලකවරයාද සැප්තැම්බර් මස 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින ප‍්‍රධාන සැකකාරියගේ සැමියා වන ඞී ඒ ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ නැමැති අනුරාධපුර මහ නගර සභාවේ ආදයම් පාලකවරයායි.
වැඩිදුර වාර්තාවක් මගින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සදහන් කලේ මෙම මූල්‍ය වංචාවේ ප‍්‍රධාන සැකකාරිය වන වැටුප් විෂය බාර නිලධාරිනි ඒ ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ නැමැත්තිය විසින් අනුරාධපුර මහ නගර සභාවට අයත් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක පමණ මුදලක් ඇගේ සැමියා වන අනුරාධපර මහ නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ නැමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුම් කිහිපයකට බැර කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන් නැති බවද අධිකරණයට කියා සිටි රහස් පොලිසිය මෙම සැකකරුද රිමාන්ඩ් කරන ලෙසද අධිකරණයෙන් අයැද සිටියේය සැකකාර ආදායම් පාලකවරයා ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප මත මුදා හරින්නැයි ඉල්ලමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා දීර්ඝව අධිකරණයට කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා නීතිඥ විජේරත්න මහතාට දැනුම් දුන්නේ සැකකරුට ඇප ලබා දෙන්නේද? නැද්ද? යන්න නියෝගය සැප්තැම්බර් මස 7 වන දින ප‍්‍රකශයට පත් කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපු‘ර නගර සභාවේ මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ආදායම් පාලකවරයාත් 7 දක්වා රිමාන්ඩ්