IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අ’පුර නගර සබේ මුදල් වංචා කළ 5 කගේ වැඩ තහනම්


 
(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර මහනගර සභාවේ සිදුවී ඇති මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැටුප් අංශයේ සේවය කළ කාන්තාවක් ඇතුළු සුළු සේවකයන් පස් දෙනෙකුගේ සේවය අත්හිටවු බව නගරාධිපති එච්.පී.සෝමදාස මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.


මෙම මාධ්‍ය හමුව අනුරාධපුර මහා නගර සභාවේ නගරාධිපති නිල කාමරයේ දී පැවැත්විණී.


මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් නගරාධිපතිවරයා මෙසේද පැවසීය.


පසුගිය 2014 වසරේ සිට මේ දක්වා මෙම මුදල් වංචාව සිදුවී තිබෙනවා. වැටුප් අංශයේ සේවය කළ ලිපිකාරිනිය වැටුප් සකස් කිරිමේදී සිය හිතවත් පුද්ගලයන් සඳහා වංචනික ආකාරයට වැටුප් සකස් කර ඔවුන්ගේ ගිණුම් වලට බැර කර කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර තිබෙන බව සිදුකළ මුලික පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.


මේවන විට සිදුකළ මුලික පරික්ෂණයේ දී එම මුදල ලක්ෂ තිහකට ආසන්න බවට හෙළි වී තිබේ. වංචා කළ මුදල මෙතෙක් නිශ්චිතව ගණනය කර නැහැ. මේ සම්බන්ධයෙන් නගර සභාව මගින් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නගරාධිපතිවරයා මෙහිදී පැවසීය.


අනුරාධපුර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතා මෙහිදි මාධ්‍යට කරුණු දක්වමින් මෙසේ පැවසීය. නගර සභාවේ කළමනාකරණ සහකාර තනතුරු කිහිපයක පුරප්පාඩු තිබෙනවා. එම නිසා වැටුප් අංශයේ සේවයට යොදවා තිබුණේ කම්කරු කාන්තාවක්. ඇය විසින් වැටුප් සකස් කිරිමේදී වංචනික ආකාරයට වැටුප් සකස් කර සිය හිතවතුන් කිහිප දෙනෙකුගේ ගිණුම්වලට බැර කර ඇති බව අනාවරණය වුණා.

ඒ අනුව මෙම වැටුප් අංශයේ සේවය කළ කාන්තාවත් ඊට අනුබල දුන් තවත් කාන්තාවන් දෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ මුලික පරික්ෂණයකින් පසුව ඔවුන්ගේ සේවය පසුගිය 13 වැනි දා සිට අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.



අදහස් (0)

අ’පුර නගර සබේ මුදල් වංචා කළ 5 කගේ වැඩ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site