(උපුල් තම්මිට)
දේශීය ලොකුලූනු වගාව ප්‍රචලිත කිරීම අරමුණින් ලොකුලූනු බීජ නොමිලේ ගොවීන් වෙත ප්‍රධානය කිරීම කාන්තා කටයුතු ඇමතීනී චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී සිදුවිය.
සමාජ සුභසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ඝෘජු මැදිහත්විම මත එම අමාත්‍යාංශය විසින් මෙම බීජ ලබා දී ඇති අතර බීජ කිලෝවක වෙළෙදපොළ වටිනාකම රුපියල් පහළොස්දහසක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ගොවීන් සියයකට එක් ගොවිමහතෙකුට කිලෝව බැගින් නොමිලේ බීජ ප්‍රධානය කෙරිණි.
අක්කර භාගයකට සරිලන ලෙස බීජ ප්‍රධානය සිදුකළ අතර මෙමගින් රුපියල් ලක්ෂ හයක ආදායමක් ලබාගත හැකිවන අතර උතුරුමැද පළාත් ගොවි සැළසුම් ඒකකය විසින් අස්වනු මිළදී ගැනීම මෙහි විශේෂත්වය වන අතරම ශ්‍රී ලංකා මහබැංකුව විසින් බිම් සැකසීම ඇතුලු කටයුතු සදහා ණය මුදල් ලබා දීමටද නියමිතය.
උතුරුමැද පළාත් ගොවි සැළසුම් ඒකකයේ හා සමස්ථ ලංකා ගොවි සැළසුම් ඒකකයේ නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අ‘පුර ගොවීන්ට දේශිය ලොකු ලුණු බීජ